සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රිලව් ලක්ෂයක් එකතු කරගන්නේ කොහොම ද?. ගල්කැට අහුලනවා වගේ ද? – පරිසරවේදීහු ප්‍රශ්න කරති…

කිසිම විධිමත් දත්ත ගොනුවක් නැතිව මේ කරන්න හදන්නේ සාහසික විනාශයක්....

by editor
අප්‍රේල් 15, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

චීනයට මෙරටින් රිලවුන් ලක්ෂයක් යැවීමට  රජය අදහස් කරන්නේ නම් ඒ සඳහා අතිශය විධිමත්  වැඩපිළිවෙළක් තිබිය යුතු බවත් ගල් කැට අහුලන්නා සේ රිලව් එකතු කළ නොහැකි බවත් ආචාර්ය ජ්‍යෙෂ්ඨ පාරිසරික නීතිවේදී ආචාර්ය ජගත් ගුණවර්ධන පවසයි.

බීබීසීය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර තිබුනේ මේ රිලව් එකතු කිරීම සිදුකිරීමේ අභිලාෂයක් වේ නම්  නිසි විද්‍යාත්මක දත්ත මත එය නොකළහොත් ප්‍රශ්නය හිතනවාටත් වඩා බරපතල විය හැකි බවය.

ඔහු බීබීසි සිංහල සේවය වෙත පවසා තිබුනේ මෙසේය.

Jagath_Gunawardana
ආචාර්ය ජගත් ගුණවර්ධන

“රිලවු ලක්ෂය තෝරන්න නම් ඒ ඒ දිස්ත්‍රික්කවල සිටින ගහණ ගණත්වය ගැන අප දැනගෙන සිටිය යුතුයි.

රිලවාගෙත් උප විශේෂ තියෙනවා. සමහර වාර්තාවල කියැවෙනවා උප විශේෂ දෙකයි කියලා, සමහර වාර්තාවල කියැවෙනවා උප විශේෂ හයක් සිටිනවා කියලා. එතකොට අපි දන්නෙම නැතුව දුර්ලභ විශේෂයන් යැවුවොත් ඒ විශේෂය මෙරටින් නැතිවී යනවා.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

සමහර විට ඒ දුර්ලභ විශේෂය මිනිසුන්ටවත්, වගාවන්ටවත් හානියක් නොකරන වනවාසී සත්ත්ව කොට්ඨාසයක් වෙන්න පුළුවන්,”

රිලවා වගා හානි සත්ත්වයෙකු බවට පත්වීමට ප්‍රධාන හේතුව මිනිසුන්ගේ ක්‍රියාකාරකම් බව ද පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන පවසයි.

“අප බලන්න ඕන ඇයි රිලවුන් වගා හානි සත්ත්වයෙකු බවට පත්වූයේ කියලා. ඔවුන්ගේ වාසස්ථාන බවට පත්ව තිබූ වනාන්තර, ලඳු කැලෑ කුට්ටි මිනිස් ක්‍රියාකාරකම් නිසා විනාශ වුන නිසා එම සතුන් ගම්වලට පැමිණියා. නැත්නම් ගම්මුන් ගියා කැලය ඇතුලට. ඒවා අපි හරියට අධ්‍යයනය කරන්න ඕන. එහෙම නැතුව රිලවු වැඩියි කියලා ඒ සත්තු මරලා මේ ප්‍රශ්නය විසදන්න කියලා කියන කතා සාහසිකයි.

මේ ප්‍රශ්නයේ සාදාචාරාත්මක පැතිකඩක්, විද්‍යාත්මක පැතිකඩක් වගේම නීතිමය පැතිකඩක් තියෙනවා. මේ තුනම ඒකාග්‍රවෙන තැනයි විසඳුම තියෙන්නේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය කියනව නම් රිලවුන් ලක්ෂ 30ක් රටේ ඉන්නවනම් ඒකෙන් ලක්ෂයක් චීනයට යවනවානම් එකෙන් කොයි දිස්ත්‍රික්කයේ ද ප්‍රශ්නය විසදෙන්නේ කියලා කියන්න ඕන,” ඔහු පැවසුවේ ය.

රිලවුන් ඇල්ලීමට යාමේ දී හිතුවාට වඩා ගැටලුසහගත තත්ත්වයන් ද මතුවිය හැකි බව පරිසරවේදී ජගත් ගුණවර්ධන ප්‍රකාශ කර සිටියි.

“රිලවුන් ලක්ෂයක් අල්ලනවා නම් පලවෙනි වටයේ අල්ලන්නේ කුමන දිස්ත්‍රික්කයෙන් ද? රිලවුන් රංචුවම අල්ලනවා ද නැත්නම් භාගයක් අල්ලනවාද? එම රංචුවේ සිටින ගැහුණු සතුන් පමණක් අල්ලනවාද, නැත්නම් පිරිමි සතුන් පමණක් අල්ලනවද? සමහර වෙලාවට මේවා අල්ලන්න ගිහින් හිතුවටත් වඩා වැඩි ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. “

“මොකද මේ රිලවු රංචුවල ආධිපත්‍ය තියන් ඉන්නේ පිරිමි සතුන්. එතකොට ඒ රංචුවේ පිරිමි සතුන් විතරක් අයින් කළොත් ඒ රංචුවට අලුත් පිරිමි සතුන් එනවා. එතකොට තිබුනටත් වඩා රංචුව බෝවෙන්න පුළුවන්. සත්තු එකතු කරනවා කියන්නේ ගල් කැට එකතු කරනවා වගේ දෙයක් නෙමෙයි,” නීතිඥ ජගත් ගුණවර්ධන සඳහන් කළේය.

මෙම රිලා අපනයනයට මුඛ්‍ය සාධකය වගා හානිය නම් ඒ සම්බන්ධව සිදුකළ විද්‍යාත්මක පරික්ෂණය හෙළි කළ යුතු බවත් ඇමතිවරයාගේ නිර්දේශය මත පසුගිය වසරේ අග භාගයේ දී  හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයෙන් සිදුකළ බව කියන එම අධ්‍යයන වාර්තාව කොතරම් ඉල්ලා සිටියත් තවමත් රටට හෙළි වී නැති බවත් ආචාර්ය ජගත් ගුණවර්ධන පැවසුවේය.

ඇමතිවරයා මාධ්‍යයට පවසන දත්ත තියනවා නම් තිබෙන්නේ මෙම වාර්තාවේ නමුත් එම වාර්තාව රටට නිකුත් නොවීම බරපතල ප්‍රශ්නයක් බවත් ආචාර්ය ගුණවර්ධන පෙන්වා දුන්නේය.

වගා හානි වැළැක්වීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර යෝජනා කළ යුතු වන්නේ නම් ලබාදෙන වාර්තාවේ  ප්‍රධාන කරුණු 04ක් අඩංගු විය යුතු බව ද ඔහු කීවේය

  • රිලවුන්ගෙන් කොයි උප විශේෂය ද හානිකර වෙන්නේ?
  • කොයි දිස්ත්‍රික්කවලට ද හානිකර වෙන්නේ?
  • එම දිස්ත්‍රික්කවල කුමන වගාවන්වලට ද වැඩිපුරම හානිකර වෙන්නේ?
  • ඒ වගේම එම දිස්ත්‍රික්කවල ගහණ ගණත්වය කොපමණ ද? (ගහණ ගණත්වය කියන්නේ වර්ග කිලෝමීටරයකට සතුන් කොපමණ පිරිසක් සිටිනවාද?)

ඒ විස්තර මොකුත් අපිට තිබුනේ නැති නිසා අපට ඒ ගැන නිසි පියවරක් යෝජනා කරන්න බැරිවුනා,” නීතිඥ ගුණවර්ධන බීබීසී සිංහල සේවය වෙත පවසා තිබිණි.

( සිංහල බීබීසී වාර්තාව අසුරුනි)

Tags: නවතම
Share69Tweet43
Previous Post

අදත් හරිම රස්නෙයි!

Next Post

අවුරුදු ලැබූ පැය 24 තුළ 185ක්  කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට… වැඩිම රිය අනතුරු…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.