සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රිලව් රට යවන අශික්ෂිත තීන්දුව ගත්තේ කොයි එකාද?… මහජන මුදලින් අපි කළ පර්යේෂණවලට මොකද කළේ… මහාචාර්ය අශෝක දංගොල්ල…

by editor
අප්‍රේල් 14, 2023
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

සාකච්ඡා කළේ ශ්‍රියානි විජේසිංහ –

ලංකාවේ රිලව් ගැන පුරා දශයක් තිස්සේ විද්‍යාත්මක පර්යේෂණයක නිරත වූ ලාංකික විද්වත්හු තුන් දෙනෙක් වූහ.   ඒ  මහාචාර්ය අශෝක දංගොල්ල , වෛද්‍ය නිමල් කුමාරසිංහ සහ මහාචාර්ය  චාමලී නාහල්ලගේ  ය.  රටේ රිලව්  චීනයට යැවීම සදහා රජයෙ ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් එම විද්වතුන් අතරින් කෙනෙක් වූ  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල   සමග ලංකාසර විශේෂ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූයේය. මේ එම කථිකාව ගොඩනැගෙන ආකාරය ය.

  • මේ කරන්න හදන්නේ සිංහල බෞද්ධ රටකට නොගැලපෙන නින්දිත අසික්කිත  වැඩක්. ලබන මාසේ වෙසක් පුන්පොහෝය….

  • රිලවා විකුණාගෙන කන තැනටම අපි හිඟමනට වැටිලාද? මේ හරියට හිඟන්නා පිඟාන විකුණාගෙන කනවා වගේ වැඩක් …

Ashoka-Dangolla
මහාචාර්ය අශෝක දංගොල්ල…

ප්‍රශ්නය –  වගාවට හානිකරන සතුන් පිලිබඳව ඔබ ඇතුළු විද්වත් මණ්ඩලයක් කමිටු කීපයක් නියෝජනය කරමින්  වසර කීපයක සිට විවිධ පර්යේෂණයන් ක්‍රියාත්මක කරලා යෝජනාවන් ගණනාවක් ජනාධිපතිවරයා ඇතුළු විෂය භාර ඇමතිවරුන්ට ලබා දුන් බවට සඳහන් වුණා.  ඔබගේ යෝජනාවන් අතර රිලව්න් විදේශ රටකට යැවීමට තීරණය කර තිබුණාද?

පිළිතුර – කිසිසේතම නැහැ. රිලව් ලක්ෂයක් පළමු වටයේදී චීනයට යැවීමට කටයුතු කරනවා කියලා දැන ගත් මොහොතේ  මම ඇතුළු අපේ කමිටු සාමාජිකයින් කම්පාවට පත්වුණා.  මේ මොන විලිලැජ්ජා නැති වැඩක්ද? අපි වැනි බෞද්ධ රටකට කොහෙත්ම ඔබින වැඩක් නෙවෙයි. අනික ලබන මාසේ වෙසක් පුන් පොහොය . බෞද්ධ රටකට මේ වගේ තීන්දු තීරණයන් ගැලපෙනවාද?. මේ තීන්දු තීරණයන් ගත්තේ කොයි එකාද දන්නේ නැහැ. රටේ රිලවා විකුණාගෙන කන්න  තරම් අපි හිඟමනට වැටිලාද?. අසික්කිත වැඩක්.  මේක හරියට මම දකින්නේ හිඟන්නා පිඟාන විකුණාගෙන කනවා වගේ වැඩක්.

ප්‍රශ්නය – ඔබගේ පර්යේෂණ වාර්තාවන් වගකිවයුතු පුද්ගයින් අත‌ට පත් නොවීම නිසා මෙවැනි තීරණයන් ගත්තා වෙන්න බැරිද?

පිළිතුර – අපි ජනාධිපති ලේකම්කාර්යාලවට වාර්තාවක් දුන්නා. අවසන් වාර්තාව  පසුගිය කාලේ    වනජීවි ඇමතිවරයා ලෙස සිටි මහින්ද අමරවීර මහතාට දුන්නා. තවමත් මොකක්ද කථාව.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ප්‍රශ්නය – ඔබ වනජීවි ඇමතිවරයාව සිටියදී මහින්ද අමරවීරට දුන් වාර්තාව නොසලකා හැර ඔහු කෘෂිකර්ම ඇමතිවරයා ලෙස මෙවැනි තින්දු තීරණයන් ගැනීම ගැන මොකද හිතෙන්නේ?

පිළිතුර – අපිටත් තියෙන ප්‍රශ්නය ඒක තමයි. මොකද කෘෂිකර්ම අමාත්‍යංශයට වනජීවි අමාත්‍යංශයට අයත් සත්වයින් ගැන තීන්දු තීරණයන් ගන්න පුලුවන්කමක් නැහැ. වනජීවි අමාත්‍යංශයට සතුන්ට හානියක් කරන්න අවසර නැහැ. ඒ නිසා රිලවා රට පටවන්න කෘෂිකර්ම අමාත්‍යංශය භාරගත්තා වෙන්න පුලුවන්.

කොහොම නමුත්  කෘෂිකර්ම අමාත්‍යංශය ඔවුන්ගේ වගකිමවත් හරියට ඉටුනොකරන අමාත්‍යංශයක්. මේ රටේ ගොවීන් කොපමණ සංඛ්‍යාවක් සිටිනවාද?.  කුඹුරු අක්කර කොපමණ ප්‍රමාණයක් තිබෙනවාද?. හාල් එකතුකරන මධ්‍යස්ථාන කියක් තියෙනවාද ?. මේ දත්ත ගැනවත්   නිවැරදිව නොදන්නා අමාත්‍යංශයක්. තමන්ගේ වැඩේ හරියට නොකර අනුන්ගේ වැඩ වලට ඇඟිලි ගහන්න හදනවා.

ප්‍රශ්නය – රිලවා වගා හානි කරන්නේ අද ඊයේක සිට නොවෙයි.   හිටි හැටියේ මෙවැනි තීරණයක් ගන්න හේතුව කුමක් කියලද ඔබ සිතන්නේ ?

පිළිතුර – රිලවා වගාවට සිදුකරන හානිය වසර 20ක පමණ කායලක සිට පවතින දෙයක් . හිටිහැටියේ රට පටවන්න තීරණය කර ඇත්තේ කාට හරි සාක්කුවට මුදලක් එනවා වෙන්න පුලුවන්.

ප්‍රශ්නය – රිලවා චීනයට යවන්නේ සත්වෝද්‍යානවලට කියලා කියනවා. එහෙම නම් ඒකේ වරදන් නැහැ නේද?

පිළිතුර – සත්තෝද්‍යානයකට යන්න රිලව් ලක්ෂයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ජෝඩු හතරක් පහක් යැව්වාම ඉක්මනට තම වර්ගයා  බෝකරන්න ගන්න පුලුවන් වෙනවා.

ප්‍රශ්නය – ඔබගේ අදහසට අනුව එකවරම ලක්ෂයක් යවන්න තීරණය කර ඇත්තේ කුමකට කියලා හිතනවාද?‍

පිළිතුර – ඒ ගැන මට නිවැරදි පිලිතුරක් කියන්න පුලුවන්කමක් නැහැ.

ප්‍රශ්නය – ජාන මන්කොල්ලයකට හෝ මස් පිණිස කියලා අතැම් අය චෝදනා කරනවා. මේ ගැන මොකද කියන්නේ ?

පිළිතුර  – මේ ගැන මට නිවැරදි පිලිතුරක් දෙන්න හැකියාක් නැහැ. නමුත් චීනා කියන්නේ කකුල් හතරේ සතුන් හැම කෙනෙක්ම වාගේ බුදින ජාතියක්.

ප්‍රශ්නය – රිලව් ගහනය මර්දනය සදහා ඔබ ඇතුළු කණ්ඩායම කළ යෝජනා මොනවාද?

පිළිතුර – වගාවන්ගෙන් රිලව් ඈත්කරන්න හුඟක් ක්‍රම අපි යෝජනා කළා. ඉන් කීපයක් කියනවා නම් ක්‍රමවත්ව වැටවල් බැදීම, කොටියන්ගේ මළමුත්‍ර භාවිත කිරීම, සාරී එල්ලිම වැනි විකර්ෂණ ක්‍රමයන් අපේ යෝජනාවන් අතර කීපයක් පමණයි. ගහනය පාලනය කිරිම සඳහා සැත්කම් කිරීම, හෝමෝන එන්නත් කිරිම වැනි යෝජනාවන් ගණනාවක්ම අප ඉදිරිපත් කර තිබෙනවා.

ප්‍රශ්නය – ඔබගේ කමිටු සාමාජිකයින් වසර ගණනාවක සිට ගත් උත්සාහය වතුරේ ගියා කියලා දැනෙන විට මොකෙද හිතෙන්නේ?

පිළිතුර – ඇත්තටම අපිට රට ගැන හරිම කණගාටුයි. අපි නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන මේ තැනට ආපු අය. අපි මේ රටට ආදරෙයි. කවදාවත් රට දාලා යන්නේත් නැහැ. මේ රටේ සම්පත් විකුණාගෙන කනවාට මම විතරක් නිවෙයි බහුතරයක් විරුද්ධයි.  අපේ කාලය ශ්‍රමය, මහන්සිය , රටේ මුදල්  විශාල වශයෙන් වැය කරලා තමයි අපි සමික්ෂණය කරලා මේ යෝජනාවලියන් ඉදිරිපත් කළේ.

ඒවා තඹදොයිතුවකටවත් ගණන් නොගෙන දේශපාලඥයින් තීන්දු තීරණයන් ගැනිම හරිම කණගාටුයි .

 

 

 

 

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙන්න ඕන ඉක්මන් සහනය දුන්නා – ඉතිරිය පස්සට- චීනයෙන් පණිවිඩයක්!

Next Post

අලුත් අවුරුදු කෑම මේසයේ කැවිලි මිල දෙගුණයකින් වැඩි වෙලා…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.