කීර්ති ප්‍රනාන්දු –
ශ්‍රී ලංකාවේ රැකියාවක් ලබා දෙන බව පවසා උස්බෙකිස්ථානයෙන් මෙරටට ගෙන්වා ගත් කාන්තාවක් ලිංගික කටයුතු සඳහා අලෙවි කළ පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ ( 19) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
සැකකාර පුද්ගලයා වැල්ලවත්තේ පදිංචි 31 හැවිරිදි අයෙකි. ඔහු අවුරුදු 36ක් වන උස්බෙකිස්තාන කාන්තාවක් මාස කීපයකට පෙර මෙරටට ගෙන්වා ඇති බවත් ඇයට මෙරට රැකියාවක් ලබා දෙන පොරොන්දුව මත ඇයව ගෙන්වා ඇති බවත් පොලිසිය පවසයි.
සැකකාර පුද්ගලයාගේ උස්බෙකිස්තාන බිරිය ද සිය සැමියා කළ අයුරින්ම උස්බෙකිස්තාන කාන්තාවන් රවටා ගෙන්වාගෙන ගණිකා වෘත්තියේ යෙදවීමේ වරදට මීට පෙර අවස්ථාවක පොලිස් අත්අඩංගුවට පත් වී රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇති බවද පොලිසිය කියයි.
සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යාන්තර ආයතනය මගින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සැකකාර ශ්‍රී ලාංකික පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.