රාජාංගණයේ සද්ධාරතන හිමිව සංඝභාවයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභාව තීරණය කර තිබේ.
රාජාංගණයේ සද්ධාරතන හිමි යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රකාශ පිළිබඳව පසුගිය සමයේ ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව රාමඤ්ඤ මහා නිකායේ විශේෂ අවධානය යොමු වී ඇත.
අනතුරුව සද්ධාතිස්ස හිමියන් එම රාමඤ්ඤ නිකායෙන් නෙරපා හරින්නට තීරණය කර තිබේ.







