අමාත්‍යාංශ වල කටයුතු පහසු කර ගැනීම සදහා රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂය පථයන් ගැසට් කර ඇතත් ,අමාත්‍යංශ වල වගකීම ව්‍යවස්ථානුකූලව ඇත්තේ කැබිනට් අමාත්‍යවරුන්ට බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැබිනට් හමුවේ දී කැබිනට් ඇමතිවරුන්ට සිහි කර දී තිබේ.
මේ පිළිබඳව සංවාදය මතුවී ඇත්තේ කැබිනට් ඇමතිවරුන් හා රාජ්‍ය ඇමතිවරුන් අතර සමහර අමාත්‍යාංශවල ඇති වී තිබෙන ගැටුම පිළිබඳ කැබිනට් හමුවේදී ඇමතිවරුන් ජනාධිපතිවරයාට දැන්වූ අවස්ථාවේ දී ය.
මෙහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂයපථයන් ගැසට් මගින් වෙන් කර දුන්නේ කැබිනට් ඇමතිවරයාගේ කටයුතු පහසු කර ගැනීමට පමණක් බවද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත .
රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් කැඳවා ළඟදීම මේ සම්බන්ධව දැනුවත් කරන බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ. මේ වනවිට වනජීවී ඇමති සී.බී රත්නායක සහ රාජ්‍ය ඇමති විමලවීර දිසානායක අතර ඇති වී තිබෙන ගැටුම, රාජ්‍ය අමත්‍ය නිමල් ලන්සා ඇමතිකමින් ඉවත්වීම දක්වා දුරදිග ගිය ගැටුම, වැනි අර්බුදකාරී තත්ව සම්බන්ධව සාච්ඡාවට ලක් වී තිබේ.







