රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම යන වයස් සීමාව අවුරුදු 60 දක්වා අඩුකිරීමත් සමග දිවයිනපුරා රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 300ට සහ සාමාන්‍ය වෛද්‍යවරුන් 500ට ආසන්න සංඛ්‍යාවක් විශ්‍රාම යාමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කරයි.
තත්ත්වය තවත් දරුණු වන්නේ විශේෂඥ වෛද්‍යවරුන් සහ සාමාන්‍ය වෛද්‍යවරු මේ වන විට විදේශ ගතවීමට වැඩිවෙමින් පැවතීම නිසා යැයිද සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වාදේ.
මේසේ එකවරම විශේෂඥ වෛද්‍යවරුන් විශාල සංඛ්‍යාවක් සේවයෙන් විශ්‍රාම ගැන්වීම තුළ රෝගී සත්කාර සේවාවන්ගේ බිදවැටීම වැලැක්විය නොහැකි වනු ඇති බවද අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය පැවසුවේය.







