රාජ්‍ය සේවකයින්ගේ මුලික වැටුප දැනෙන ලෙස වැඩිකිරීම මෙව අයවැයෙන් සිදුවන බවත්, වසර තුනක් තුළ විශ්‍රාමිකයින්ගේ සියලුම වැටුප් විෂමතා නිවැරදි කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (26) පෙරවරුවේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සාකච්ඡාවට එක් වෙමිනි.
” අපි සැලසුම් කරලා තියනවා ඔබතුමාලට ඉතාමත් හොඳ සාධාරණ වැටුප් වැඩිවීමකුත් දෙන්න. මූලික වැටුපෙ සාධාරණ වැටුප් වැඩිකිරීමක් කරන්න අපි බලපොරොත්තු වෙනවා. මූලික වැටුප මෙච්චරකල් කෑලි කෑලි එල්ලලානේ තිබුණේ. මූලික වැටුප යම් විද්‍යාත්මක පදනමකට අපි වැඩි කරනවා. තාම සාකච්ඡා හරහා සකස් කරමින් යන්නේ. බජට් එකෙන් විශාල මුදලක් මූලික වැටුප් වැඩිකිරීම සඳහා වෙන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ”
” විශ්‍රාමිකයින් මුහුණ දීලා තියනවා වැටුප් විෂමතාවකට. 2016, 2017, 2020 වාගේ ඛාණ්ඩ කීපයක් තියනවා විශ්‍රාමිකයින්ගේ. ඒක වසර තුනක් ඇතුළත ගෙවන ආකාරයෙන් ඒ විශ්‍රාම වැටුප් ප්රශ්නය විසඳන්න අපි බලාපොරොත්තු වෙනවා.
අපි අපේක්ෂා කරනවා ශක්තිමත් රාජ්‍ය සේවයක්. හැබැයි අපි තේරුම් අරන් තියනවා මේ කාර්ය කිරීම සඳහා රාජ්‍ය සේවය දරන පිරිවැය වැඩියි. සේවාව නොවෙයි අපට ප්රශ්නය මතු වෙලා තියෙන්නේ. සේවාව තවත් ශක්තිමත් කරන්න ඕන. හැබැයි සේවාව ලබාදීම සඳහා කරන අපේ පිරිවැය වැඩි වෙලා තියනවා. ඒ නිසා පිරිවැය කළමනාකරණය සඳහා අපේ අවධානය යොමු වෙලා තියනවා. රාජ්‍ය සේවයේ විශාල ප්‍රමාණයක් ඩිජිටල් කරණය සඳහා අපි පෙබරවාරි කරුණු තුනක් ඔස්සේ අපි ඩිජිටල්කරණය විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා.
ඒ නිසා දන්නවද, නැද්ද, දේශපාලනය මොකක්ද වැදගත් නැතිව සියලුම පුරවැසියන්ට සේවය ඉටු කරන්න අපි ඔයගොල්ලන්ට අවශ්‍යවන පහසුකම් ටික ඩිජිටල්කරණය හරහාත් වැටුප් වැඩිවීම හරහාත්, පුරප්පාඩු පිරවීම හරහාත් අපි බලාපොරොත්තු වෙනවා ශක්තිමත් රාජ්‍ය සේවයක් පුරවැසියන්ට ලබා දෙන්න.
ජනාධිපතිවරයා පැවසුවේය.







