රාජ්‍ය අමාත්‍යවරුන්ට විශේෂ පහසුකම් සළසමින් රජය විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන නිවේදනයක් නිකුත් කරන ලෙස ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම ලබන මස 2 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.
ඒ ඊට අදාළ නඩුව ඊයේ (21) එස්. තුරෙයිරාජා, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
ශ්‍රී ලංකා වානිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුලු පිරිසක් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා, නීතිපතිවරයා, අමාත්‍ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුලු පිරිසක් නම් කර තිබිණි.
අදාළ පහසුකම් සළසමින් නිකුත් කළ ගැසට් නිවේදනයෙන් රාජ්‍ය අමාත්‍යවරයෙකුට මසකට ලීටර 1500ක ඉන්ධන ලබාදීම, දුරකථන සබඳතා හතරක් ලබාදීම, පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා 11 දෙනෙකු ලබාදීම, කාර්යමණ්ඩල වියදම් වශයෙන් රුපියල් 40,000 ක් ඇතුලු පහසුකම් සහ වරප්‍රසාද සළසා ඇති බව අදාළ පෙත්සමෙන් සඳහන් කර ඇත.
හිරු –







