දේශීය සහ ගෝලීය වෙළෙඳපොළ සඳහා ටින් කළ රා නිෂ්පාදනය කරන Agri Deshiya (Pvt.) Ltd හි කුරුවිට නව කර්මාන්ත ශාලාව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ අද උදේ විවෘත කළේය.ෙ
කර්මාන්ත ශාලාව රාගා’ සන්නාමය යටතේ ටින් කළ කිතුල් රා නිෂ්පාදනය කරන අතර කිතුල් ආශ්රිත නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමට නියමිතය. එය කුරුවිට නන්ද එල්ලාවල්ල කර්මාන්ත පරිශ්‍රයේ පිහිටා ඇති අතර නවීන තාක්ෂණයෙන් සමන්විත වේ.
නව කම්හල විවෘත කරමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මද පමණින් රා රස විඳිමින් සිටිනු දක්නට ලැබිණි. ඒ මියුරු රස බෙදා ගන්නට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්නත් ඔහු සමග සිටියේය.
රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, ප්‍රභාත් ද අල්විස් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වී සිටියහ.







