රහස් පොලිසිය විසින් ඩුබායි ගොස් රැගෙන පැමිණි පියුමා අත් අඩංගුවට පත් වන්නේ විශේෂ මෙහෙයුමකින් නොවන බවත්, ඔහු කුලී රථ රියදුරෙක් සමග ඇති කරගත් ගැටුමකින් පසු ඩුබායි පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීමෙන් පසුව බවත් වාර්තා වේ.
මෙම ගැටුම ඇතිවන අවස්ථාවේ දී පියුමා අයිස් මත්ද්‍රව්‍ය ගෙන සිට ඇති බවට අත් අඩංගුවට පත්වීමෙන් අනතුරුව සිදුකළ රුධිර පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. ඒ අනුව ඔහුව බන්ධනාගාරගත කර ඇති අතර අදාල පුද්ගලයා රටින් පිටුවල් කිරීමට සූදානම් වෙද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඩුබායි රාජ්‍යය වෙත ගොස් ඔහුව රටට ගෙනැවිත් ඇත.
මෙසේ රැගෙන පැමිණි පියුම් හස්තික නොහොත් පියුමා නැමැති පෙරේදා (15) සිට පැය 72ක් රඳවා ප්‍රශ්න කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව වැඩ බලන මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ හමුවේ ඊයේ (16) දැනුම් දුන්නේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකරු රඳවා ප්‍රශ්න කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.
පියුමා සංවිධාන්තමක අපරාධ කල්ලි නායකයෙක්වන කුඩු සළිඳුගේ සමීප ගෝලයෙක් බවත් සළිඳු විසින් මෙහෙයවූ අපරාධ සඳහා පියුමා මැදිහත් වී ඇති බවත් සිදුකර ඇති විමර්ශනවලින් අනාවරණය වේ.







