සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ මූල්‍ය ස්ථාවරත්වය වසරකින් අත්පත් කරගත්තේ ප්‍රාතිහාර්ය පාලා නෙමෙයි… රටේ මූල්‍ය විනය සහ කළමණාකරණය හරියට කරලා… නලින්ද රහස කියයි!

by editor
නොවැම්බර් 8, 2025
in පුවත්
nalinda_J
Share on FacebookShare on Twitter

රටේ මූල්‍ය ස්ථාවරත්වය වසරක් තුළ අත්පත් කරගත්තේ ප්‍රාතිහාර්ය පා නොව, රටේ මුල්‍ය විනය හා කළමනාකරණය නිසි පරිදි පවත්වාගෙන යෑමෙන් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස අද (08) අය වැය විවාදය ආණ්ඩු පක්ෂය පාර්ශවයෙන් අරඹමින්  ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ ද කීවේය.

“2019 තිබ්බ ආර්ථිකයට ලඟා වෙන්න අවුරුදු 10ක් යයි කිව්වා. 2048 කියන කැරට් අලේ පෙන්නලා තිබුණා. 2048 වෙනකම් පටි තද කරන් ඉන්න කිව්වා. මෙහෙම තිබ්බ  රටක් අපි භාරගත්තේ. ආර්ථියක පදනම් බිඳලා සුනු විසුනු කරලා තිබුණේ. ඒ වගේ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ.”

“ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දි ඡන්දය දුන්න ජනතාව මොන මට්ටමකින් අපි රටේ ආර්ථිකය ස්ථාවර කරනු ඇතැදැයි සියයට සියක විශ්වාසයකින් ඡන්දය දෙන්න නැතිව ඇති. ජනතාව දන්නේ ඔබතුමාලගේ කෙරුවාව.”

“ඒ නිසා බොහෝ දෙනෙක් දීලා බලමු කියලා දෙන්න ඇති. ඒ වසර ඇතුළේ දී අපට පුලුවන් වුනා ආර්ථිකය ස්ථාවර කරන්න. හර්ෂ ද සිල්වා මන්ත්‍රී තුමාට මේ අය – වැය පළමු කාවෙදි පිළිගන්න උනා ආර්ථිකය ස්ථාවර වුනා කියලා. ඒක නොකිය බැරිවුනානේ. ඔබතුමාට විතරක් නෙමෙයි ජාත්‍යාන්තර මූල්‍ය ආයතන සහ සංවිධානවලටත් අද පිළිගන්න වෙලා තියනවා ආර්ථිකය ස්ථාවරයි කියලා.”

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

“මේක වුනේ කොහොමද?. අපි ආණ්ඩුවක් අරන් අවුරුද්දක් තිබුණා. ජනාධිපතිවරයෙක් හිටියා. අය වැය දෙකක් ඉදිරිපත් කළා. අපි අමාත්‍යාංශවල වැඩ කරගෙන ගියා. මේක නිකම් ඕපපාතිකව සිද්ධ වුන දෙයක් නෙමෙයි.”

“ආර්ථිකය මේ තරම් කෙටි කාලයකින් ස්ථාවර වුනේ කොහොමද?. සමහර ජාත්‍යාන්තර ආයතන මෙන්ම සමහර අපේ රටේ ආර්ථික විද්‍යාඥයින් පවා පුරෝකථනය කළේ නෑ වසරක් ගතවන විට මෙවැනි ආකාරයේ ස්ථාවරත්වයක් රටේ ඇති වේවි කියලා.”

“සමහර ආර්ථික වර්ධන පුරෝකථනයන් තිබුණෙ ගොඩක් පහළින්. ඒ අය එහෙම කරන එක ගොඩාක් සාධාරණයි. ඒ අයට තිබුණේ පරණ ආණ්ඩු කෙරුවාවේ අත් දැකීම්.  නමුත් අපි  ඉලක්ක ඉක්මවා  ගිහින් තියනවා.  කොහොමද එහෙම වුනේ.”

“මෙතනදි මේකට බලපාපු ප්‍රධාන කරුණු දෙකක් තියනවා. එකක් රාජ්‍ය මූල්‍ය විනය. අනෙක  රාජ්‍ය මූල්‍ය කළමනාකරණය. මෙන්න මේ දෙක තමයි මේ රටේ මේ ආර්ථිකය ස්ථාවර කරන්න බලපාපු ප්‍රධාන සාධක දෙක.”

“එහෙම නැතිව අපේ ණය භාරගෙන ගෙවන්න කවුරුත් හිතුවේ නෑ. මම රට ගොඩගන්නම් කියලා කරන්න කෙනෙක් හිටියේ  නෑ. ප්‍රාතිහාර්ය කරන්න කෙනෙක් හිටියේ නෑ. වසරක් තුළ දි රාජ්‍ය මූල්‍ය කළමනාකරණයත් එය නිසි පරදි පවත්වාගෙන යෑමත් විසින් තමයි මෙම ප්‍රතිඵල අත් වුනේ.

ඒ නිසයි කියන්නේ. මේ  සථාවරත්වය අහම්බයක් නොවෙයි. මූල්‍ය විනය සහ මූල්‍ය කළමනාකරණය පවත්වා ගැනීමට විශේෂයෙන් ජනාධිපතිවරයා මුදල් ඇමතිවරයා ලෙසත්, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙසත්, රාජ්‍ය නායකයා ලෙසත් දුන් නායකත්වය සහ අපේ සාමුහික ප්‍රයත්නයක් ලෙස කරන දේ විසින් තමයි මේ ප්‍රතිඵලය අත්පත් කරගෙන තියෙන්නේ.

ඒ නිසා තමුන්නාසෙලා වෙන වෙන දේවල් කල්පනා කළාට  වැඩක් නෑ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුව හොරාට ගහන්න හදන දේපල බද්දක් ගැන හර්ෂ කියයි!

Next Post

2025 අයවැයෙන් සංවර්ධන ව්‍යාපෘතිවලට වෙන් කළ බිලියන 642ක් නැවත භාණ්ඩාගාරයට…

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.