සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

2025 අයවැයෙන් සංවර්ධන ව්‍යාපෘතිවලට වෙන් කළ බිලියන 642ක් නැවත භාණ්ඩාගාරයට…

by editor
නොවැම්බර් 8, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය අය වැයෙන්  සංවර්ධන ව්‍යපෘති සඳහා වෙන් කළ මුදල් වලින් බිලියන 642ක් වියදම් නොකර යළි භාණ්ඩාගාරයට ගොස් ඇති බව    පාර්ලිමේන්තු මන්ත්‍රී  අනුරාධ ජයරත්න ප්‍රකාශ කළේය. අය වැය කතාවට එක් වෙමින් වඩාත් සාධනීය විවේචනයක නිරතවන මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ මේ රජයේ ප්‍රධානම සංවර්ධන සාධකය වූ ඩිජිටල් ආර්ථිකය බල ගැන්වීමේ මූලික කටයුතුවලට වෙන් කළ රුපියල් මිලියන 183ක මුදලින් වියදම් කර ඇත්තේ සියයට 0.1ක් පමණක් බවත් ඉතිරි සියයට 99.9ම භාණ්ඩාගාරයට ගොස් ඇති බවත්ය.  එමෙන්ම ග්‍රාමීය පාරවල් සහ පාලම් ඉදිකිරීම සඳදහා වෙන් කළ රුපියල් මිලියන මිලියන 4000න් වියදම් කර ඇත්තේ මිලියන 272ක් පමණක් බවත් සියයට 93ක් භාණ්ඩාගාරයට යළි ගොස් ඇති බවත්ය. 

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ සෑම රජයකටම වැරදුනේ මෙතැන බවය.  එකම නිලධාරීන් කණ්ඩායමක් අවසානයේ සෑම රජයක්ම අපහසු තාවයට පත් කරන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා මේ අවසථාව තේරුම් නොගතහොත් මේ රජයේ බිඳවැටීමත් වැළැක්විය නොහැකි බවය.  මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.

“2025 දි අනුර කුමාර ජනාධිපතිවරයා මේ පාර්ලිමේන්තුවට අය වැය ඉදිරිපත් කළා. ඒ අය වැයේ කොපමණ කාරණා ටිකක් නිවැරදිව ඉටු කරගන්න පුලුවන් වුනා ද?. ඒ අය වැයේ කොපමණ ප්‍රමාණයක් මේ මහ පොළොවේ යථාර්ථයක් කරගන්න පුලුවන් වුනා ද කියන එක රට අභ්‍යන්තර ආර්ථිකය සංවර්ධනය වූ ආකාරය ගැන සාධකයක්. ඒක බලන්න ඕන.”

“එතැනදි අපි හැම කෙනෙක්ම මෙතන කියපු කාරණාව තමයි ප්‍රාථමික අතිරික්තය වැඩිවීම. ඒ කියන්නේ 2.3. හැබැයි මේක නරක අතිරික්තයක්. ඇයි එහෙම වෙන්නේ. රටේ කරන්න තිබිච්චි වැඩ කොටස කරන්න බැරි වෙනවා නම්, රටේ සංවර්ධනයට තියන මුදල් ටික නැවත වරක් මහා භාණ්ඩාගාරයේ තියා ගන්නවා නම්, අනික් පැත්තෙන් ව්‍යාපෘති නතර වෙනවා නම් ඒ  මුදල් ප්‍රාථමික අතිරික්තයේ වර්ධනයක් ගැන කියමින් ගෙනත් පෙන්වනවා නම් ඒ වෙන්නෙ හරි දෙයක් නෙමෙයි. මේක වෛරී මතවාදයක් නෙමෙයි.

මේක නැවැරදි කරගත යුතුයි. අපිත් වැටුණ තැන් මේවා. අපි  හැම අයවැයකම වියදම් ගැන කියනවා. ව්‍යාපෘති ගැන කියනවා. අවසානයේ දෙසැම්බර් මාසයට  ගියාම මේ එකම නිලධාරීන් ටික තමයි මේ වැඩේ කරන්නේ. හැබැයි අද ඔළු ගෙඩි ටික මාරු වෙලා. අපි දකිනවා මහාචාර්යවරු, ආචාර්යවරු, විද්වත්තු.. විෂයන්  පිළිබඳ ප්‍රමාණිකයින් ඉන්නවා. ඒක ඇත්ත.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

නමුත් අමතක කරන්න එපා. එකම නඩයක් තමයි මේ වැඩේ ගෙනියන්නේ. එතකොට මේ ගෙනියපු වැඩේ කොච්චර ඉදිරියට ගෙනිහින්ද කියලා බලන එකේ අවශ්‍යතාවයක් තියනවා.

මේකෙ ලෝක බැංකු වාර්තාවෙ සඳහන් කරනවා පරිපාලන අකර්මණ්‍යතාවය. සියලු මුදල් ටික ජාතික අය වැය දෙපාර්තමේන්තුවට එනවා. ඒකෙන් අමාත්‍යාංශ වියදම් කරන හැටියට ඒ මුදටික ලබා දෙනවා.

හැබැයි මේ ජාතික අය වැය දෙපාර්තමේන්තුවෙ තියන මුදල් ටික කොච්චර  අමාත්‍යාංශවල වියදම් කළාද කියන එක බරපතල ප්‍රශ්නයක්. මොකද අද වියදම් කරපු නැති සම්පූර්ණ මුදල විතරක් වෙනවා රුපියල් බිලියන 642ක්…

2025 තිබුණ අය – වැය අභ්‍යන්තරයට  ගිහින් බැලුවොත්  මේකේ වැදගත් කියලා හිතන කාරණා ටික විතරක් ගන්නම්.

එකක් ග්‍රාමීය යටි තල පහසුකම්. ගරු ජනාධිපති තුමා ඉදිරිපත් කළ 2025 අය- වැයේදි රුපියල් මිලියන 4000ක් වෙන් කළා ග්‍රාමීය පාරවල් ටික පාලම් ටික හදන්න. පාර්ලිමේන්තුවේ රජය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට විශාල වගකීමක් තියනවා. මෙතුමලා ගම්වල  බලන් ඉන්න ඇති පාරවල්වලට සල්ලි ටික එනකම්.  ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු බලන් ඉන්න ඇති ගමේ පාර  හදනකම්. නමුත් නියෝජ්‍ය කතා නායක තුමනි. වියදම් කරලා තියෙන්නේ කීය ද.  රුපියල් මිලියන 272යි. සියට 93ක් නැවත මහා භාණ්ඩාගාරයට. වියදම් කරලා තියෙන්නේ රුපියල් මිලියන 272යි.

මිනිස්සු බලන් ඉන්නවා පාරවල් ටික හදන්න. මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු බලාගෙන ඉන්නවා පාරවල් ටික හදන්න. නමුත් මහා භාණ්ඩාගාරයේ අත උස්සලා වියදම් කරන්න අනුමත කරගත් මුදල එහෙම්මම ඉතිරි වෙලා තියනවා මහා භාණ්ඩාගාරයේ.

අනිත් පැත්තෙන්  බලන්න. නිශ්පාදන ආර්ථිකයක්. අපේ චතුරංග ගරු නියොජ්‍ය ඇමති තුමා නිශ්පාදන ආර්ථිකය ගැන විශාල වශයෙන් කථා කළා. මේ උපාය මාර්ගික පිහිටීමට ලොකු පැහැදිලි කිරිමක් කරල කෙරවලපිටිය රේගු අංගනය හදන්න රුපියල් මිලියන 500ක් වෙන් කළා. වේයන්ගොඩ ලොජිස්ටික් එක හදන්න මිලියන 500ක් වෙන් කළා. ප්‍රගතිය සියයට 0යි.

අද තත්ත්වය  තමයි ලංසු කැඳවීමේ කමිටුව තවම නිර්දේශ ටික හදනවා. එතකොට හිතන්න ගරු නියෝජ්‍ය කතානායක තුමනි. දින 365ක් ඉවරයි. මාස 12ක් ඉවරයි. දෙවැනි අය වැයත් ගේනවා. මුල් අයවැයෙන් ගෙනා රුපියල් මිලියන 500 දෙක තවම මහා භාණ්ඩාගාරයේ.

ප්‍රාථමික අතිරික්තය 2.2 විදිහට ඉතිරි කළා කියලා කණ්ඩායම් දෙක හැටියට සතුටු වෙනවා.

තව වැදගත්ම කාරනාවක් තමයි. ජනාධිපති තුමා හැම වේදිකාවම කිව්ව වැදගත්ම දේ තමයි ඩිජිටල් ආර්ථිකය. ඒක ඉතාම හොඳයි.  වෙන්න ඕන වැඩක්. වන් ටු වන් කන්ටැක් එක නැති වෙලා ඩිජිටල් ආර්ථිකයට යන්න ඕන. ඒක තමයි අපේ අනාගතය.

එහෙත් ඩිජිටල් ආර්ථිකය හදනවා කිව්වෙ ඩොලර් බිලියන 15ක්. මේ ඩොලර් බිලියන 15 හදන්න පළවෙනි කාරණාව තමයි ඩිජිටල් හැඳුනුම්පත. හැබැයි ඩිජිටල් හැඳුනුම්පතයි මේ සියලුම කාරණාවලට ගිය අවුරුද්දේ වෙන් කරපු මුදල රුපියල් මිලියන 183 යි. ප්‍රගතිය සියයට 0.1 යි.  ඒ කියන්නේ සියයට 99.9ක් නැවත මහා භාණ්ඩාගාරයට.

විශාල වශයෙන් ගෙනාපු කාරණාවක් රට වෙනස් කරන්න ගෙනාපු කාරණාවක්. මුල් වැඩ කොටසට වෙන් කරපු මුදල රුපියල් මිලියන 183යි. හැබැයි රජයට වියදම් කරන්න බැරි වෙලා තියන මුදල සියයට 99.9යි.  හාන්ස් මැති තුමාව මේකට ගත්තා. ඔළු ගෙඩි ටිකක් වැඩ කරගන්න පුලුවන් මිනිස්සු ටිකක් ගත්තා. ඒ කාරණාවට අපි ගෞරව කරනවා. මේ මිනිස්සු මේකේ ඉන්න ඕන. ඒ ගැන ප්‍රශ්නයක් නෑ. මේ පාර්ලිමේන්තුවේ අපිට මේක වුනා. ජනාධිපති තුමා කියනකොට ඉවර වෙනකම් අත්පුඩි ගහනවා. පන්සීයයි කිව්වම අත්පුඩි ගහනවා. දාහයි කිව්වාම අත්පුඩි ගහනවා . නමුත් ඊළග අය වැය ගේනකොට වියදම් නොකළ මුදල 99.9යි. ඉතින් කොහොම ද ඩිජිටල් ආර්ථිකය ඉදිරියට යන්නේ.

ආයෝජන පාලනය වෙනුවෙන් ගේනවා කියපු ආයෝජන ආරක්ෂණ පනත. මේක 2025ත් කිව්වා. අදටත් ඒක ගෙනත් නෑ. එක අතකින් ජනාධිපති තුමාට ගෞරව කරනවා. මේ මුල මාස භාගය තුළ ගේනවා කිව්වා. ඩිජිටල් ආර්ථිකය හදන්න ජනාධිපතිවරයාට උවමනාව තියනවා. මේ ආයෝජන ආරක්ෂණ  පනත ගේනන ජනාධිපති තුමාට අවශ්‍යතාවය තියන බව පේනවා. ඒ නිසා මේක එන අවුරුද්දේ මුළ භාගයේ හරි ගේන්න ඕන කියලා කියනවා. ඒක හොදයි. හැබැයි අර මාස 12ම ආයෝජන ආරක්ෂණ පනතක් පාර්ලමේන්තුවට ගෙනාවේ නෑ.

අනික් පැත්තෙන් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා සුගත් වසන්ත ද සිල්වා මැති තුමා. ඒක හොඳ තින්දුවක්. එවැනි නියෝජනයක් මේ පාර්ලිමේන්තුවට ලබා දීම පිළිබඳව අපි ගෞරව කරනවා. හැබැයි ඒ කාරණාව මතක් කරගන ගමන් කිව්වා රෝද පුටු ටික හදන්න රෝද පුටු ටික දෙන්න උපකරණ දෙන්න  මිලියන 300යි. ඒ  මිලියන 300න් වියදම් කරලා තියෙන්නේ සියයට බිංදුවයි. ඒ මුදල එහෙම පිටින්ම මහා භාණ්ඩාගාරයේ.

නිකමට හිතන්න මේ  ගැලරියේ කතා එක්ක රටක් හැටියට අපට යන්න පුලුවන් ද?. මේක වෛරී කතාවන් නොවෙයි. මේක නිල් වෙන්න පුලුවන්… කොළ වෙන්න පුලුවන්… අපි සියලු දෙනාට වෙච්චි දේ. අද ආණ්ඩුවත් ඒකම තමයි මේ 25 වර්ෂය තුළ මුදල් කළමනාකරණය කරලා තියෙන්නේ. මේ කාරණා ටික මේ තියන විදිහටනම් තියෙන්නේ කතා නායක තුමනි. ඉදිරියට යෑම පිළිබඳ බරපතල ප්‍රශ්නයක් ඇති වෙනවා.

අනිත් කාරණාව. චතුරංග ඇමතිතුමා දැන් කිව්වා  කෘෂිකාර්මික එස්.එම්.ඊස් ලට වෙන් කරනවා කිව්වා  රුපියල් බිලියන 80ක්.   තරුණ ව්‍යවසායකයින්ට කියලා 2025 අවුරුද්දේ වියදම් කරපු මුදල රුපියල්  මිලියන 500යි.  අපි බැලුවම ප්‍රගතිය 0 %යි.

තරුණ ව්‍යවසායකයො හදන්න මේ ගම් නියෝජනය කරන මේ මන්ත්‍රීවරු 159 දෙනා ගිහින් වේදිකාවල කිව්වේ නැද්ද  තරුණ ව්‍යවසායකයො හදන එක ගැන. උජාරුවට මේ පාර්ලිමේන්තුවේ දි කතා කළේ නැද්ද.  වෙන් කරපු මුදලින් ශතයක් වියදම් කරලා නෑ.

අනිත් එක ධීවර කර්මාන්තයට මිරිදිය ඉස්සන් ඇති කිරිම සඳහා වෙන් කළ මුදල  මිලියන 200යි. ප්‍රගතිය 0යි.

අනුරාධපුර ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට වෙන් කළ මුදල මිලියන 750යි. ඒත් ප්‍රගතිය  0% යි.   මේක පරණ  කරපු අයවැයට ඉදිරිපත් කළ කාරණා හොඳද බලලා තමයි අලුත් අය වැයට එන්න ඕන.

අද අලුත් අයවැයේ දී ආයෝජන රක්ෂණ පනත ගෙනේවි. ඒක හොඳ දෙයක්. අපි විශ්වාස කරනවා එතුමා ඒක පාර්ලිමේන්තුවට ගෙනේවි කියලා. බිලියන 80ක් දාලා තියෙනවා. එ්ත්  500 වියදම් කරන්න බැරිවුනා.  කවුද මේ රවට්න්නේ. 500 වියදම් කරගන්න බැරි වුන ආණ්ඩුවකට  ආණ්ඩුවට බිලියන 80ක් එක පාර වෙන් කරලා දවස් 365න් කරගන්න පුලුවන් ද?

අපි ඔක්කොම වරද්දගත්ත තැන් මේවා. මේ ආණ්ඩුව කරන්නෙත් ඒ වැරැද්දමයි.  අඩුම ගානේ 27 සැලැස්මත් දැන් ඉඳලා ගියෙ නැතිනම් අත් රිදෙනකම් අත් පුඩි ගැහුවට වැඩක් නෑ. ප්‍රගතිය මේකයි 2025 අය වැයේ.

අනිත් පැත්තන් අපි දැන් අයි.එම්.එෆ් එකට පෙන්නුවා ප්‍රථමික අතිරික්තය. 2.3යි. ඒක හොඳයි. ඒකෙන් අපි හිතනවා අයිඑම්එෆ් එක සතුටු කරන් ඉස්සරහා ගමන යන්න පුලුවන් වේවි කියලා. එ්ක ප්‍රශ්නයක් නෑ.

හැබැයි මේ ආණ්ඩුවට මේ කියන ජයග්‍රහණ ලැබිලා තියෙන්නේ කොහොමද ?. එකක් බිලියන 642ක් අඩුවෙන් වියදම් කළා. දෙවැනි එක  බිලියන 700ක් අලුතින් ආවා. වාහන ආනයන නවත්වා තිබිලා ඕපන් කළාම වාහන එක පාර එන්න පටන් ගත්තා. ආදායම බිලියන 700ක් ආවා. ඒ 700යි, ඉතිරි කරපු 642යි, ආණ්ඩුව ලොකු චිත්‍රයක් පෙන්නුවා.

ඇත්තම කතන්දරේ වාහනවල තියන ඔය කාරණාව හැම අවුරුද්දේම ලැබෙන්නේ නෑ. වියදම හරියට වියදම් කළොත් ආණ්ඩුව නැවත අනිත් පැත්තෙන් හිර වෙනවා. ඒ නිසා අපි විශේෂයෙන් සිහිපත් කරනවා මේ සියලු කාරණා ටික බලලා අපි වැඩපිලිවෙළක් හැදුවේ නැතිනම් මේ රට ඉදිරියට ගෙනියන්න බෑ.

රාජ්‍ය ව්‍යවසාය පැත්තෙන් ගත්තොත් ට්‍රිලියන 1.5යි.   ඉම්පෝට් කළා වාහන එන්න ගත්තා. 642යි. වාහන වල 700යි. වියදම හරියට වියදම් කොළාත් ආණ්ඩුව හිර වෙනව. මේ සියලු කාරණා හදලා වැඩ පිළිවෙළක් හැදුවේ නැතිනම්.

මේක කියන්නේ වෛරයෙන් නෙමෙයි. ආණ්ඩු මාරු කරන් අපි කවුරුහරි හෙට බලයට එනවා කියන කාරනාව නෙමෙයි. අපිට වැරදුන තැන් තියනව. මොකද ඔබතුමියලා කොච්චර අලුත් වැඩපිළිවෙළ ගෙනාවත් සමහර විට එකම නිලධාරීන් මේක හසුරුවන්නේ.

මේක හරියට හසුරුවා ගත්තෙ නැතිනම් මේක වැටෙන එක නවත්වා ගන්නවත් හැකියාවක් ලැබෙන්නේ නෑ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටේ මූල්‍ය ස්ථාවරත්වය වසරකින් අත්පත් කරගත්තේ ප්‍රාතිහාර්ය පාලා නෙමෙයි… රටේ මූල්‍ය විනය සහ කළමණාකරණය හරියට කරලා… නලින්ද රහස කියයි!

Next Post

කොටහේන ඝාතනය – සැකකරුවන් 06ක් හඳුනා ගනී… 04ක් අත් අඩංගුවට…

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.