බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මිනී පෙට්ටියට ඇණ ගහන්න අවසන් ලෑල්ල යතු ගානවා… ජනතාවනි එක්වන්න… මෛත්‍රීගෙන් ඉල්ලීමක්!

by editor
අගෝස්තු 24, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මිනී පෙට්ටියට ඇණ ගැසීමට අවසන් ලෑලි යතු ගාමින් සිටින බවත් එම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයට එරෙහිව මේ රටේ මහා සංඝරත්නය, කලාකරුවන්, ජනතාව, මාධ්‍ය ඇතුළු සියලු දෙනා එකට එක් විය යුතු බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේය.

දේශපාලකයෙක් සිය දේශපාලන ජීවිතය සම්පූර්ණ කරගැනීමට රිමාන්ඩ් භාරයේත් සිටිය යුතු යැයි තමන් කල්පනා කරන බැවින් රනිල් වික්‍රමසිංහ අත් අඩංගුවට ගැනීම ඔහුගේ දේශපාලන ජීවිතයේ එක් අවස්ථාවක් ලෙස සලකන නමුත් එම අත් අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියට සපුරා එරෙහිවන බවය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා අත් අඩංගුවට ගැනීමට එරෙහිව විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ නායකයින් එක් වී අද (24) සංවිධානය කළ “ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදවමු” මාධ්‍ය හමුවේ ආරම්භක කතාව කරමිනි.

ඔහු අවධාරණය කළේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිරවයා නිදහස් කරගැනීම සඳහා විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ එක්ව කළ හැකි උපරිම කැපවීම කර ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන බවය.

එහිදී හිටපු ජනාධිපතිවරයා මෙසේ ද පැවසුවේය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

“පෙරේදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මා අත් අඩංගුවට ගැනිම සම්බන්ධව මුලින්ම මගේ දැඩි කණගාටුව සිත්වල ඇතිවෙලා තියන වේදනාව ප්‍රකාශ කරනවා. එතුමා මේ රටට විශාල සේවයක් කරපු කෙනෙක්. ඒක නිසා ඒ පිළිබඳව බලවත් සේ අපේ කණගාටුව ප්‍රකාශ කරනවා.

විශේෂයෙන්ම අපේ රට ජාත්‍යාන්තර දේශපාලනය හා යන ගමනේ දී අපට සිහිපත් වෙනවා සාර් රාජ්‍ය පාලනය තිබුණු සෝවියට් දේශය 14 වැනි සාර් රජු එදා විපලවය කරලා ඔක්තොම්බර් විප්ලවයෙන් ඉතාම දැඩි හිංසාකාරී පාලනයක් පලවා හැරියා. ඉන් පසුව කාල් මාක්ස්ලා ලෙනින්ලා සහ ඊට සම්බන්ධ වෙච්චි පිරිස් ප්‍රධාන වශයෙන් පරිවර්තනයක් කරලා ජනතාවගේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ ඉහළ තැනකට ගෙනිච්චා.

ප්‍රජාතන්ත්‍රවාදය එක් එක් විදිහට නිර්වචනය කරන්න පුලුවන්. 1992 දී සෝවියට් දේශයම නැවත රටවල් 27කට කැඩුනා. ඒ පැත්තකින් යුරෝපය.අපේ රට යන වර්තමාන ගමන් මගේදී රටේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ගැන තද ප්‍රශ්නාර්ථයක් ඇතිවෙලා තියනවා දේශපාලනය දන්න අයට.

ප්‍රජාතන්ත්‍රවාදය කියන එක මේ රටේ ජනතාවගේ ලේවලට කා වැදිලා තියන දෙයක්. 48 ලබා ගත් නිදහසේ සිට ඩී.එස්.සේනානයක බණ්ඩාරනායක වැනි නායකයින් යටතේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය එනන් එන්න ශක්තිමත් වුනා.  මගේ කාලය තුළ කවුරු කෙසේ කොහොම කිව්වත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  19 වැනි   සංශෝධනය 48න් පසු මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වඩාත්ම ශක්තිමත් වෙච්චි ව්‍යවස්ථාව කියලා කියන්න පුලුවන්.

දැන් අපට පෙනී යන කාරණයක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තියන ගති ලක්ෂණ ක්‍රමයෙන් මැකී යන ආකාරයක් අපට දකින්න පුලුවන්.  ප්‍රජාතන්ත්‍රවාදයේ වැළලීමේ මිනී පෙට්ටියේ ලෑලි යතු ගාමින් සිටින බව තමයි අපට පෙනෙන්නේ. ඒක නිසා මේ රටේ මාධ්‍ය ආයතන මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයින්, මේ රටේ රාජ්‍ය සේවකයින්, කලා කරුවන් මේ රටේ පුරවැසියන් පාසල් දරුවාගේ සිට මේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තියන අගය තේරුම් ගැනීම ඉතාම අවශ්‍ය වෙනවා.

ඒ නිසා අභියෝගයක් වෙනවා නම් ඒ සඳහා යම් ප්‍රශ්නාර්ථයක් මතුවෙමින් පවතින  බව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයකරන සෑම කෙනෙකුගේම වටිනාකමක් සහ යුතුකමක් වෙනවා මේ සිද්ධවෙන දේශපාලන පක්ෂ භේද අමතක කරලා මහජනතාවගේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් රට බේරාගැනීමට කටයුතු කිරිම .

ඒ නිසා අපි   ආරාධනා කරනවා මේ වාඩිවෙලා ඉන්න සියලුම දෙනා ඒකාබද්ධ මතයක් විදිහට රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීම සඳහා සියලු දෙනාම එක්ව කටයුතු කිරීමේ කාලය පැමිණෙමින් තියන බව . ඒ නිසා අපට අපේ දේශපාලන ප්‍රතිපත්ති තුළ අපි දුක් විඳලා තියනවා. හිරේ ගිහින් තියනවා. නොයෙකුත් කරදරවලට පත් වෙලා තියනවා. ඒක නිසා සාමාන්‍යයෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයා රිමාන්ඩ් භාරයට ගත්තා කියන එක දේශපාලකයෙක් විදිහට  දේශපාලකයෙක්  රිමාන්ඩ් එකේවත් හිටියේ නැතිනම් ඒ දේශපාලන චරිතය අංග සම්පූර්ණ වෙන්නේ නෑ. ඒ නිසා ඒ තත්ත්වයන් උඩ මේ ඇතිවෙලා තියන තත්ත්වය ඉතාම කණගාටු දාකයකයි.

ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතා නිදහස් කරගැනීමට පැමිණ සිටින දේශපාලකයින් දේශපාලන පක්ෂ නායකයින් අපට කරන්න පුලුවන් උපරිම කැපවීම අප ප්‍රජාතන්ත්‍රවාදීව කරන බව සහතික වෙනවා.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තැපැල් වර්ජකයින් ඇමතිවරයා සමග සාකච්ඡාවක!

Next Post

හිටපු ජනපති රනිල් තවදුරටත් වෛද්‍ය දැඩි සත්කාර ඒකකයේ… තත්ත්වය යහපත් අවදානමක් නෑ…. වෛදවරු කියති!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.