ශ්‍රියානි විජේසිංහ –
කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ප්‍රතිකාර සඳහා වසරකට මිලියන 4ක පමණ රෝගීන් පිරිසක් ඇතුළත් වන බවත් වැඩිම රෝගීන් පිරිසක් ඇතුළත් වන්නේ සෑම වසරකම අවසන් දෙසතිය සහ මුල් සතිය තුළ බවත් ශල්‍ය වෛද්‍ය විශේෂඥ රේණුකා මහානාම සඳහන් කරයි.
මෙසේ ඇතුළත් කරන රෝගීන්ගෙන් බරපතළ තත්ත්වයේ රෝගීන් සදහා දැඩි සත්කාර ඒකකයේ හදිසි ප්‍රතිකාර ඇඳන් ඇඳන් දහයක් පවතින අතර එම ඇඳක ප්‍රතිකාර ගැනීමේදී එක් දිනකට එක් රෝගියෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් රජය වැයකරන බව ද ඇය පෙන්වා දෙයි
මේ අනුව රෝගීන් දහදෙනකු සඳහා දිනකට රුපියල් ලක්ෂ දහයක් රජය වැය කරනු ඇත.
එබැවින් හදිසි අනතුරු වැඩි වශයෙන් සිදුවන මේ වකවානුවේ ඒ පිළිබඳව වඩාත් කල්පනාකාරී වන්නැයි ඇය මහ ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.







