සෞඛ්‍ය අමාත්‍යාංශයට නොදන්වා නිවාඩු ගිය වෛද්‍යවරුන් සිවු දෙනෙකුගේ ලියාපදිංචි වහාම අහෝසි කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ලිඛිතව කළ දැනුම් දීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ප්‍රතික්ෂේප කර තිබේ.
වෛද්‍ය ආර්එම්ජීඑම් රත්නායක, සීජී වන්නිආරච්චි, සීවී විතානගේ, එල්ඒඑන් ප්‍රභාත් යන වෛද්‍යවරුන් සම්බන්ධව මෙම තීරණය ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත වෛද්‍ය සභාවට දන්වා ඇත.
ලේකම්වරයාට පිළිතුරු සපයමින් ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දසනායක දන්වා ඇත්තේ නීතියට අනුව වෛද්‍යවරුන්ගේ ලියාපදිංචි අහෝසි කළ හැක්කේ ඔහු වෛද්‍ය ආචාර ආචාර ධර්මවලට පටහැනිව කටයුතු කර ඇත්නම් පමණක් බවය. .
වෛද්‍යවරයෙක් සේවය හැර යාම වෛද්‍ය ආචාර ධර්ම වලට පටහැනි වූවක් නොවන බව වෛද්‍ය සභාව පවසයි..
මේ වන විට වෛද්‍යවරුන් විශාල වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට නොදන්වා විදේශගතවන බැවින් එය වැළැක්වීමේ අරමුණින් ලේකම්වරයා විසින් මෙම ලිඛිත ඉල්ලීම වෛද්‍ය සභාවෙන් කර ඇතැයි එම සභාවේ නියෝජිතයෙක් පෙන්වා දුන්නේය.








