පවුලකට යළිත් රටක් විනාශ කිරීමට දිය නොහැකි බව පොහොට්ටුවේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න පවසයි.
ඔහු පවසන්නේ බදු හොරකම් කළ කැසිනෝ කාරයෙකුට, එංගලන්තයේ කුණු ටික ගෙනැවිත් වරායේ ගොඩ ගැසූ එකෙකුට රටක ගොඩනැගිය හැකිදැයි පපුවට තට්ටු කර කල්පනා කර බලන ලෙස ද ප්‍රියංකර ජයරත්න පුත්තලමේ මිනිස්සුන් ට කියයි.
“කැසිනෝ රජා රටක් හදයි කියලා ඔබ හිතනව ද?.” අද (04) පුත්ලමේ දී පොහොට්ටු ජනතාව ඇමතූ ප්‍රියංකර ජයරත්න මෙසේ ද පැවසුවේය.
මට ඇහුනා ඊයේ පෙරේදා කියනවා අපේ ජාතික සංවිධායකතුමා රනිල් වික්‍රමසිංහ පක්ෂය කැඩුවා කියලා. පක්ෂය කැඩුවේ රනිල් වික්‍රමසිංහ නෙමෙයි. පක්ෂය කැඩුවේ රාජපක්ෂලාමයි.
අපි 2020 දි පක්ෂයෙන් අයින් වුනා. එදා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ එක්ක පාර්ලිමේන්තුව නියෝජනය කළ කී දෙනෙක් ඉන්නවද පක්ෂයෙන් ඉවත් වෙලා. අද අපි නව සන්ධානයක් යටතේ අනුර යාපා ගේ නායකත්වයෙන් අපි ඉන්නවා. විමල් වීරවංශ වෙනම ඉන්නවා. ගම්මන්පිල වෙනම ඉන්නවා. ඩලස් 10 දෙනෙක් එක්ක වෙනම ගියා. මන්ත්‍රීවරුන් 40ක් විතර රාජපක්ෂවරුන් විසින්ම ඉවත් කළා. ඔවුන් තමයි පක්ෂය විනාශ කළේ.
පුත්තලමේ අපි නැතිව පිටින් ඇවිත් කොහොමද මැතිවරණ සංවිධානය කරන්නේ. චන්ද්‍රසේන නැතිව කොහොමද අනුරාධපුරේ මැතිවරණ සංවිධානය කරන්නේ. ජාතික සංවිධායක කියනවා නම් එකට වැඩ කරපු එකට කැපකිරීම් කරපු චන්ද්‍රසේනගේ ගෙදර ගිනි තියපු එක හොඳයි කියලා අපි කොහොමද ආයෙ ඒ අය එක්ක වැඩ කරන්නේ.
ප්‍රියංකර ජයරත්න පැවසුවේය. ප්‍රියංකර ජයරත්න කළ ප්‍රකාශය පහත දැක්වේ.







