බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේක පුදුම රටක්… ජනාධිපති මැතිවරණයේ ඡන්ද ගැන හිතලවත් මුන් අපේ ජීවිත ප්‍රශ්නය ගැන බලන්නේ නෑ…. මහ මෝල්ලුන්ට සූරාකන්නට අත්හල මහවැලි ගොවීහු තුට්ටු දෙකට වැටුන වී මිල ගැන යළිත් කියති!

by editor
අගෝස්තු 4, 2024
in පුවත්
PADDY
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

පොළොන්නරුව ඇතුළු මහවැලි බි හා සි කලාපවල මෙවර යල කන්නයේ වී අස්වනු සියයට විස්සක පමණ ප්‍රමාණයක් වී අස්වනුත් නෙලා අවසන් වුවද වී අලෙවි මණ්ඩලය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කිසිදු ගබඩාවක් මෙතෙක් විවෘත කර නැති බවත් පුද්ගලික මෝල් හිමියන්ට තමන් සූරා කන්නට ඉඩදී බිහිසුණු ජීවිත අපරාධයක් සිදුවන විටත් කිසිම ජනාධිපති අපේක්ෂකයෙක් මේ පිළිබඳව අසංවේදී වීම සම්බන්ධව උපදින්නේ දැඩි කලකිරිමක් බවත් මහවැලි බි කලාපයේ ගොවි සංවිධාන නියෝජිතයින් පිරිසක් අද (04) වැලිකන්ද මොනරතැන්න වෙල්යායේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළහ.

ගොවියාට වී ගොවිතැන කරුමයක් වී ඇති ආකාරය පෙන්වා දුන් ගොවීහු වී කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා වර්තමානයේ මිල ගණන් අනුව රුපියල් 102 ත් 105 ත් අතර වියදමක් දැරීමට සිදුවුවද, රුපියල් 100කට වී කිලෝවක් විකුණා ගත නොහැකි මට්ටමක් නිර්මාණය වී ඇති බව පෙන්වා දුන්හ.

සේනපුර කොට්ඨාශයේ ගොවි සංවිධානයේ හිටපු සභාපති කපිල සිරිල් පතිරණ කීවේ ජනාධිපතිවරණයක් මුව විටේ දිබෙද්දී අඩුම තරමින් තමන්ගේ ඡන්දය පිළිබඳ අපේක්ෂාවෙන්වත් මේ බරපතල ජීවිත ගැටලුවෙන් පීඩා විඳින මිනිස්සු සම්බන්ධව අසංවේදී වීම මේ රටේ පාලකයින්ගේ ප්‍රමාණය තේරුම් ගැනීමට හොඳම අවස්ථාවක් සලසන බවය.

මෙවර සමස්තයක් ලෙස මහවැලි බි කළාපයේ ගොවි පවුල් 25,000 කට ආසන්න ප්‍රමාණයක් අක්කර 65,000 කට වැඩි ප්‍රමාණයක් වී වගා කර තිබෙන බවත්, ඉන් අක්කර 19,000 ක ප්‍රමාණයක් කීරි සම්බා වගාකර ද ඒවා මිලදී ගැනීමට කිසිදු පෞද්ගලික වෙළෙන්දෙක් හෝ ඉදිරිපත් නොවීම බරපතළ ප්‍රශ්නයක් වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. අස්වැන්න යහපත් වූ විට වස කා මිය යන්නට සිදුවන ගොවීන් සහිත ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බව ගොවීහු පැවසූහ.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

බැංකු වලට ණය වී, වී වගා කළ ගොවියාට ණය ගෙවා ගැනීමට නොහැකි මට්ටමට පත්ව ඇති ආකාරයට ලෝකයේ කිසිම ගොවියෙක් ව්‍යසනයට පත් වන්නේ නැති බව මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළ සෙවනපිටිය කොට්ඨාසයේ හිටපු ගොවි සංවිධාන සභාපති ජයලත් ගුණසිංහ සිය අවේගය පිට කරනු ලැබුවේ දෙනෙත්හි පුරවා ගත් කඳුළුත් සහිතවය.

රජය වී මිල සම්බන්ධව තවදුරටත් නිහඬ පිළිවෙතක් අනුගමනය කළහොත් ඉදිරි ජනාධිපතිවරණයේදී මහවැලි බි කලාපයේ ගොවි සංවිධාන 153 ක ගොවි නියෝජිතයින් සහ ගොවීන් එක්ව ඊට නිසි පිළිතුරක් ලබාදෙනු ඇති බවද ජයලත් ගුණසිංහ මෙහිදී වැඩිදුරටත් කීවේය.

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොහොට්ටු කතා – රට විනාස කරපු පවුල බදු පොලු තියපු කැසිනෝ රාජා රට හදන්න ගේනවා… මේ මිනිස්සු එක්ක තව ගමනක් නෑ…. පොහොට්ටුවේ ප්‍රියංකර අද පුත්තලමේ දී කියයි!

Next Post

සර්ව ජන බල පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා දිලිත් ජයවීර!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.