සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට යළි ගොඩනැගීමට ඇති  ලොකුම බාධකය බලයේ සිටින රාජපක්ෂ පවුලයි… ජනපතිත් ආණ්ඩුවත් ඉල්ලා අස්විය යුතුයි. – කාදිනල් හිමියෝ ලියා දන්වති.

by editor
ජූලි 5, 2022
in පුවත්
SRI-LANKA-ATTACKS-CHURCH

Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

රටට කළ අපරාධයේ වගකීම භාරගෙන  ජනාධිපතිවරයාට හා රජයට ඉල්ලා අස්වී රටේ අනාගතය ජනතාවට භාර කරන මෙන් දුක් විඳින ජනතාවගේ නාමයෙන් ඉල්ලා සිටින බව    කොළඹ අග රදගුරු අති උතුම් මැලකම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ  නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ රට පත්වී ඇති අවාසනාවන්ත තත්වයෙන් මුදවා ගැනීමට ඇති  දැවැන්තම බාධාව වන්නේ  සමස්ත රටවැසියා තුළ පවතින දැඩි අවිශ්වාසයත් අප්‍රසාදයත් මධ්‍යයේ රාජපක්ෂ පවුල කිසිම සදාචාරාත්මක වගකීමකින් තොරව  තවමත් බලයේ රැඳී සිටීම බවය.

තම දේශපාලන බලය රැක ගැනීමට විනා, ඉන් ජනතාවට සේවයක් කිරීමට   ලැබුණු සෑම අවස්ථාවක්ම රාජපක්ෂ ආණ්ඩුව  නින්දිත ලෙස පැහැරහැර ඇති බව ද එතුමෝ පවසති.

ඔවුන්ගේ සමස්ත වැඩපිළිවෙළ දේශපාලන කූඨෝපායක් බව ජනතාවට හොඳින් අවබෝධ වී තිබෙන බැවින්, ඔවුන් ඉදිරිපත් කරන ආර්ථික සහ දේශපාලනික හෝ වේවා, ව්‍යවස්ථා සංශෝධන හෝ වේවා, මේ කිසිදු ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් බාර ගැනීමට ජනතාව සූදානම් නැති බව ද කාදිනල් හිමියෝ දන්වා සිටිති.

උන්වහන්සේ ඉල්ලා සිටින්නේ විපක්ෂයේ දේශපාලකයින්ගේ ආත්මාර්ථකාමී බල ලෝභී දේශපාලනය නවත්වා විද්වත් වෘත්තිකයන්ගේ සහයෝගය ද සහිතව  ජනතාව වෙනුවෙන් කෙටිකාලීන අන්තර්වාර පාලනයක්   බිහි කරන ලෙසය.

එම නිවේදනය පහත දැක්වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා නිකුත් කළ විශේෂ ප්‍රකාශය

අපේ ආදරණීය මාතෘ භූමිය මින් පෙර කිසි කලක නොවූ විරූ ආර්ථික බංකොලොත්බවකට පත්වීම නිසා අප ජනතාවට විඳින්නට සිදුව ඇති අපමණ දුක් පීඩා තවදුරටත් ඉවසා දරාගත නොහැකි තත්ත්වයට උත්සන්නවී දවසින් දවස වචනයෙන් විස්තර කළ නොහැකි භයානක අඳුරු අගාධයට රට ගමන් කරමින් තිබේ. නව අගමැතිතුමාගේ පත්වීමත් සමඟ ජනතාව තුළ සුළු වශයෙන් හෝ ඇති වූ අපේක්ෂාවන්ට ඉඩදෙමින් සාධනීය වෙනසක් ඇති කිරීමට කාලයක් ලබාදීම අවශ්‍ය වූයෙන් ඊට බාධා නොකර ටික කලක් නිහඬව සිටීමට අප තීරණය කළද සිදුවන සියල්ල කෙරෙහි දැඩි විමසිල්ලෙන් යුතුව ඉවසීමෙන් බලා සිටියෙමු. එහෙත් දැන් උදාවී ඇති තත්ත්වය ඉදිරියේ ආගමික නායකයෙකු සහ වගකිව යුතු පුරවැසියකු ලෙස තවදුරටත් නිහඬව බලා සිටිය නොහැකි බැවින් රටේ ජනතාව වෙනුවෙන් මෙම ප්‍රකාශය කිරීමට තීරණය කළෙමි-

අප රට අද පත්වී ඇති මේ උග්‍ර අර්බුදකාරී, අසහනකාරී තත්ත්වයට සෘජුවම වගකිය යුතු වන්නේ ජනාධිපතිතුමා සහ  රජය පසුගිය වසර 2 ½ ක කාලය තුළ ගන්නා ලද අදූරදර්ශී සහ අත්තනෝමතික තීරණ බව පිළිගත යුතුය. ජනතා මුදල් සහ රටේ දේපල දූෂිත ලෙස සහ වංචා සහගත ලෙස කොල්ලකමින්ද ජනතාව සූරාකමින්ද ගෙන ගිය මුරණ්ඩු සහ මර්දනකාරී වැඩපිළිවෙළ මුල සිටම පිළිකුලෙන් යුතුව අපි හෙළා දුටුවෙමු. එහෙත් මේ වනතුරු එම දූෂණ සහ වංචා පිළිබඳව විනිවිදභාවයකින් සිදුවූ කිසිදු විමර්ශනයක් හෝ වරදකරුවන්ට දඬුවම් දීමක් හෝ සිදුවී නැත. තවමත් අප දකින්නේ මූල්‍ය හෝ වේවා, ඉන්ධන විදුලිය, සෞඛ්‍යය, කෘෂිකර්මික, අධ්‍යාපන, හෝ වේවා මේ කිසිදු ගැටලුවක් විසඳීමට රජයට කිසිදු සැලැස්මක් හෝ ඉදිරි දැක්මක් නැති අතර, ජනතාව සැතපුම් ගණන් දිග පෝලිම් වල දින ගණන් දුක් විඳිමින් ගෙවන අන්ත අසරණ තත්ත්වයෙන් මුදා ගැනීමට එය අසමත් බවයි-

මෙම අවාසනාවන්ත තත්ත්වයෙන් රට මුදා ගැනීමට ඇති ලොකුම බාධාව සමස්ත රටවැසියා තුළ පවතින දැඩි අවිශ්වාසයත් අප්‍රසාදයත් මධ්‍යයේ රාජපක්ෂ පවුල තවමත් බලයේ රැඳී සිටීමය. තම දේශපාලන බලය රැක ගැනීමට විනා, ඉන් ජනතාවට සේවයක් කිරීමට ඔවුන්ට ලැබුණු සෑම අවස්ථාවක්ම ඔවුන් නින්දිත ලෙස පැහැරහැර තිබීමෙන්, ඔවුන්ගේ සමස්ත වැඩපිළිවෙළ දේශපාලන කූඨෝපායක් බව ජනතාවට හොඳින් අවබෝධ වී තිබේ- එබැවින්, ඔවුන් ඉදිරිපත් කරන ආර්ථික සහ දේශපාලනික හෝ වේවා, ව්‍යවස්ථා සංශෝධන හෝ වේවා, මේ කිසිදු ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් බාර ගැනීමට ජනතාව සූදානම් නැති තත්ත්වයකට ඔවුන් කෙරෙහි ජනතා විශ්වසනීයත්වය සහමුලින්ම බිඳ වැටී තිබේ. 

එබැවින් රටේ දුක් විඳින මහජනතාව වෙනුවෙන් මම ජනාධිපති තුමාගෙන් සහ රජයෙන් උදක්ම ඉල්ලා සිටින්නේ මෙම තත්ත්වය යටතේ තවදුරටත් බලයේ රැඳී සිටීමට සදාචාරාත්මක අයිතියක් නැති බැවින්, රට වැටී ඇති මෙම ඛේදනීය තත්ත්වයේ වගකීම බාරගෙන, තවදුරටත් ජනතාව පීඩාවට පත් නොකර, තම තනතුරුවලින් ඉල්ලා අස්වී, රටේ අනාගතය ජනතාවට භාර දෙන ලෙසයි.  ඒ අනුව ජනතාව පතන සම්පූර්ණ ව්‍යූහාත්මක දේශපාලන වෙනස විශ්වසනීයත්වයෙන් සහ විනිවිදභාවයෙන් යුතුව සිදුකර ගැනීම සඳහා අන්තර්කාලීන සර්ව පාක්ෂික රජයක් පිහිටුවා ගත හැකිය. සියලු දෙනාට පිළිගත හැකි තාක්ෂණික සහ විද්වත් කමිටුවක් හරහා විශේෂඥ උපදෙස් ලබාගනිමින් මෙම කෙටි කාලීන රජය, පවතින ගැටලු ඉක්මනින් විසඳීමට කටයුතු කළ යුතුය.

 රටේ තත්ත්වය යහපත් වූ වහාම ජනතා අභිමතය විමසීම සඳහා මහමැතිවරණයක් පැවැත්විය යුතුය. තවද විපක්ෂයේ සියලු දේශපාලන නායකයින්ගෙන් මා ඉල්ලා සිටින්නේ රට පත් වී ඇති මේ විපත්තිදායක තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින්, තවදුරටත් තම පටු පෞද්ගලික දේශපාලන අරමුණු මුදුන්පත් කරගැනීමට අවස්ථාවාදීව කටයුතු නොකර මෙම තත්ත්වයෙන් ජනතාවද අප දේශයද මුදා ගැනීමට පෙරමුණ ගන්නා ලෙසයි-

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජපාන සමාගමෙන් අල්ලස් ඉල්ලූ ආණ්ඩුවේ ඇමති කවුදැයි සජිත් අසයි!

Next Post

අගමැති පුටුවේ ඉඳගන්න  ඔබට  හෝ මට ජන වරමක් නෑ… නමුත් ඔබට වඩා ඊට මං සුදුසුයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.