ශ්‍රියානි විජේසිංහ –
කොවිඩ් රෝගය මේ වන විට ගෝලීය වශයෙන් පැතිර යන නමුත් කොවිඩ් රෝගීන් මෙරටට පැමිණීමේදී හඳුනා ගැනීම සඳහා නිසි වැඩපිළිවෙළක් තවමත් ක්‍රියාත්මක නොමැති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
මේ වන විට ඉන්දියාවේ කොවිඩ් රෝගය ඉහළ ගොස් ඇති අතරම ඉන්දීය සංචාරකයින් සැලකිය යුතු සංඛ්‍යාවක් මෙරටට පැමිණෙන බවත් මෙසේ පැමිණෙන රෝගීන්ව හඳුනා ගැනීම සඳහා ගුවන් තොටුපල ආශ්‍රිතව හෝ වරාය තුල හෝ නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන බවත් එම සංගමය පෙන්වාදේ.
බිම්මට්ටමේ කොවිඩ් 19 ප්‍රතිදේහ පරික්ෂණයන් හෝ පීසීආර් පරික්ෂණයන් සිදු නොකරන අතර කොවිඩ් රෝග ලක්ෂණයන් පවතින රෝගීන් රෝහල් ගත වුවහොත් පමණක් ඔවුන්ගේ නියදි පරික්ෂාවට ලක්කර රෝග ව්‍යාප්තිය පිලිබඳව යම් අවබෝධයක් ලබා ගන්නා බව සංගමය සඳහන් කරයි.
ලබා ගත් කොවිඩ් එන්නත්වලින් තවදුරටත් ප්‍රතිශක්තිය පැවතිය හැකි බව විද්‍යාත්මකය තහවුරු කර නොමැති බැවින් කොවිඩ් රෝගය පිලිබඳව අවධානයෙන් පසු වීම ඉතාමත් වැදගත් යැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරයි.







