අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රජ්ජුරුවො වෙස්වලා ගෙන අරගලයට ඇවිත්!

by editor
අප්‍රේල් 26, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

colum

පැරණි රජකතාවට අනුව යෙමින් රට වැසියන්ගේ තොරතුරු දැන ගනු වස් රජ්ජුරුවො හිගන්නෙකුගේ වෙස් ගෙන ගෝල්ෆේස් අරගල භූමියට සැපත් වූහ. ඉමහත් බියෙන් එතැනට පැමිණි මුත්, බොහො දෙනා තමාගේ මූණ සහිත වෙස් මුහුණු පැළද සිටිණු දුටු රජුගේ බිය පහ විය. වැඩේ හොදටම කිරීමට සිතූ ඔහු අඳුරැ මුල්ලකට ගොස් සිඟන රෙදි උනා දමා සැබෑ වෙසින්ම එළියට ආවේය.

“අම්මට සිරි ලොක්කා, මරැ වෙස් මූණ. ඔරිජිනල් එක වගේමයි. කොහෙන්ද ගත්තේ?” තරැණ කොලුවෙක් ඇසුවේය.

“වෙන කොහෙන්ද බං. ගෙදරම හදා ගත්තා” රජ්ජුරැවෝ කීහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ආ… මේ ඉන්නේ නියම පොර. එන්න අංකල් සිංදුවට සෙට් වෙන්න” අරගලයේ සිටි තරැණියක් ආරාධනා කළාය. එතැන ගැයෙමින් තිබුණේ මේ දිනවල ලංකාවේ ජනප්‍රියතම ගීතයයි.

“කපුටු කාක් කාක් කාක්” තරැණිය කෑ ගැසුවාය.

“මල්ලි මල්ලි මල්ලි මල්ලි” රජ්ජ්රැවෝ ගීතයේ ඉතිරි අඩ තාලයට ගායනා කළහ.

“මල්ලි නෙමෙයි අංකල්. බැසිල් බැසිල් බැසිල් බැසිල් කියන්න” තරැණිය රජ්ජුරැවන්ව නිවැරදි කළාය. කට වැරදුණු වග ලොක්කාට පසක් විය. ඔහු එතැනින් මාරැ වී ශ්‍රී ලංකන් පොප් චාර්ට් එකේ අංක දෙකට ඇති ගීතයට සම්බන්ධ වීමට ගියේය.

“ගෝඨා ගොබ්බයා. ගෝඨගේ අය්යා ගොබ්බයා. මහින්ද නම් හරිම ගොබ්බයා” පිරිස මොර දී කෑ ගැසූහ. රජු මදක් ලැජ්ජා වී හරිබරි ගැසුණේය.

“කියන්න අංකල් කියන්න” තරැණයෙක් රජුන්ට ධෛර්යය දුන්නේය.

“අනේ මන්දා මෙව්වනං කොහොම කියන්නද කියලා” රජු ලැජ්ජාවෙන් ඇඔරැණේය.

“හරි අංකල් මාත් එක්ක කියමුකෝ” තරැණයා රජුගේ දකුණතින් අල්ලා ගත්තේය. රජු බිය වී හතරබීරි වී ගියේය. තරැණයාගේ පුදුම මුහුණ දුටු රජුට ගායනා කිරීම හැර වෙන කළ හැකි දෙයක් නොවීය. පළමු දෙවැනි වර මහත් වූ අපුලෙන් ගායනා කළමුත් මදකින් රජුගේ අප්පිරියාව දුරු වී සබකෝලය ද වියැකී ගියේය. තවත් ටිකකින් තමන් ගයන්නේ සත්‍යයයේ ගීතය බව ඔහුට වැටහෙන්නට විය. ඔහු අන් සියල්ල පරයා මහ හඩින් කෑගැසීය. රජුට මහත් වූ සැනසිල්ලක් දැනෙන්නට විය.

“අංකල් ඕක නවත්තලා මෙන්න මෙහෙ එන්නකො” තරැණියන් දෙදෙනෙක් රජුන් සමග වේදිකාව දෙසට ඇදුනෝය. රජු ගීතය ගැයීම අතහැර ගියේ කනස්සල්ලෙණි.

“අංකල් නගින්න වේදිකාවට. ඔයා එයා වගේමයි. දෙන්නකෝ ඇට්ටි හැලෙන කතාවක්”

පිරිස රජුන්ව වේදිකාවට තල්ලු කළහ. තමා දෙස දෑස් දල්වාගෙන සිටින දහස් ගණනක් සෙනග දුටු රජුට අතීතය සිහි විය. පෙරේතකමක් දැනුණි. රජුගේ මුවට මදහසක් ද නැගිණි.

“දැන් සැපද….?”
කලෙක මිලියන හතක දන මන නැළවූ ඒ මියුරැ හඩින් රජු ඇද පැද ඇසුවේය. පිරිස කන් බිහිරි වන තරමට හූ හඩ තැලූහ.

“මේ පරයෝ රට විනාශ කළා අපේ හාන්දුරැවනේ…”

කුල්මත්ව ගිය පිරිස මහත් හඩින් ඝෝෂා කළහ. රජු එළැඹසිටි සිහියට වන්නේය. ඔහුට වෙස් මාරැව සිහි විය. ද්‍රෝහියා කවුදැයි සිහි විය. රජ්ජුරුවො රජ පවුලේම රෙදි එකින් එක ගලවන්නට වූහ. කාලෙකට පස්සේ ඇත්තක් කීමට අවස්ථාව ලද්දෙන් ඔහුගේ මනදොළ ප්‍රීතියෙන් උතුරා ගියේය. අන්තිමේදි රජු පහතට බැස්සේ ඔල්වරසන් මැද පිරිසකගේ කර මතිණි.

“අංකල් වඩාගෙන ගිහින් තියන්නම් කියන තැනකින්. යන්න ඕන තැන විතරක් කියන්න” තරැණයෝ කීහ.

“මමත් තාම එහෙම යන්න ආසයි පුතේ. ඒත් දැන් බයයි”

අරගලයෙන් සමුගත් රජු මාළිගයේ පසුපස දොරින් හොරෙන් ඇතුළට එබෙන්න උත්සාහ කළේය. එහෙත් ඔහු සොල්දාදුවෙකුට මාට්ටු විය.

“ඒයි බූරැවා! උඹ කොහෙද මේ අපේ රජ්ජුරැවන් වහන්සෙගෙ වගේ මූණ තියෙන වෙස්මූණකුත් දාගෙන රිංගන්න හදන්නේ? දෙනවා රඹුක්කන දි වගේ තොට සෙත්තපෝච්චි වෙන්න” ආරක්ෂකයා සැර විය. වෙස්මාරැව පිළිබද දැන සිටි එකම පුරෝහිත හොද වෙලාවට එතැනට අවුදින් රජුගේ පණ බේරා ගත්තේය.

“මාව හෙට උදේන්ම නැගිට්ටවපන්” කියූ රජු සිරියහනට වන්හ.

“උදේම නැගිටලා තවත් රටට කොරන්න දෙයක් ඉතිරි වෙලා තියෙද ඔබ වහන්සේට?” පුරෝහිත ඇසීය. රජු එරෙව්වේය.

“මොකෝ, අන්තිම මොහොතෙත් අත යටින් තවත් චීන ණයක්වත් ගන්නද යන්නේ මගෙ දේය්යො?” තමන්ට ලැබෙන කුට්ටිය සිහිකර පුරෝහිත තොදොල් වන්නට විය.

“පිසිසුද යකෝ? මටත් තියෙනවා යුතුකමක් ඉෂ්ට කරන්න” රජු මහ හඩින් ගිගිරැවේය.

“අම්මටහුඩු, හෙට උදේම ඉල්ලා අස්වෙන්නෙයි හදන්නේ?” පුරෝහිත දුකෙන් විමසීය.

“ඉල්ලා අස්වෙන්න දෙයක් නෑ බං. අපි ඔක්කොම එළවලා තමයි උන් පස්ස බලන්නේ” රජ්ජුරුවෝ කීහ.

“එහෙනම් අහවල් එකකටෙයි උදෙන්ම නැගිටින්නේ?” පුරෝහිත අන්තිම වතාවටත් ඇසීය.

“එළවනකම් මමත් යනවා අරගලේට”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඇෆ්ගනිස්ථාන පාසල්වලට බෝම්බ ප්‍රහාර එල්ලවීමට ගැන ජාත්‍යන්තර අවධානය!

Next Post

සිමෙන්ති මිටිය 3000ට කිට්ටු වෙයි !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.