හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සතුව ඉතිරිව තිබූ ගිනි අවි දෙක ද ඊයේ ( 31) ආරක්ෂක අමාත්‍යාංශය වෙත භාරදුන් බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
යෝෂිත රාජපක්ෂ සන්තකයේ ගිනි අවි හතක් පැවතී තිබිණි. එම ගිනි අවි හතෙන් ගිනි අවි පහක් පසුගිය 29 වැනිදා වනවිට ආරක්ෂක අමාත්‍යංශය බාරයට ගෙන ඇති බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) සම්පත් තුයිය කොන්තා පසුගිය බදාදා (29) ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේ දී පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ ආරක්ෂක අමාත්‍යාංශය මගින් පුද්ගලයන්ගේ පෞද්ගලික ආරක්ෂාව සඳහා ලබා දී තිබූ ගිනි අවිවලින් ලබා ගැනීමට ඉතිරිව ඇත්තේ තවත් ගිනි අවි එකසිය අසූ දෙකක් පමණක් බවත් ඒ අතර යෝෂිත රාජපක්ෂ සතුව තවත් ගිනි අවි දෙකක් තිබෙන බවත් ය.
ඔහු විසින් ඊයේ භාර දී ඇත්තේ එතෙක් ආරක්ෂක අමාත්‍යාංශයට භාර නොදී ඔහු සන්තකයේ තබා ගත් ගිනි අවි දෙකය.







