සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

මඩ කුඹුරේ සී සෑම…

by editor
පෙබරවාරි 1, 2025
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

අපි මඩ කුඹුරේ සීසාමින් සිටිමු. ගාල්ලේ මැච් ගසා අමතක නොවන කෑමක් කා ඇත. ඒ ඔස්ට්‍රේලියාව විසින් පළමු ඉනිමේ රැස් කරගත් ලකුණු ශ්‍රී ලංකා කණ්ඩායම ලකුනු 165කට සියල්ල දැවී ගොස්ය. ඒ ඔස්ට්‍රේලියාව මුල් ඉනිමේ රැස් කළ ලකුණු 654ට පිළිතුරු ලෙසය. උස්මන් කවාජා තනියම ගැසූ  ලකුණු ගණන 232කි. අපේ මුළු ලකුණු ගණන ඒ සංඛ්‍යාවටත් වඩා 67ක් පහළිනි. ඊයේ වරුවක් වැස්සේය. වැස්සෙන්වත් ගොඩ යන්නට බැරි තරම් වැඩේ කුජීතය. 

මැතිව් කුහ්නෙමන් පන්දු ඕවර 18.2ක දී ලකුණු 63කට කඩුළු 05කි

ඉනිමක පරාජයෙන් බේරෙන්නට ලකුණු 489ක් ලබා ගත යුතුය.

ඔස්ට්‍රේලියාව ලකුණු 654ක් ගසා හති වැටී නැවැත්තුවේය. ඒ කඩුලු 06ක් පමණක් දැවී තිබෙද්දීය. උස්මන් කවාජා ලකුණු 232කි. නායක ස්ටීවන් ස්මිත් ලකුණු 141කි. ජොෂ් ඉන්ග්ලිෂ් ලකුණු 102කි. ට්‍රෙවිස් හෙඩ් ලකුණු 57කි. ඇලෙක්ස් කැරී නොදැවී ලකුණු 46කි. උන් ඇඬෙන්න ගැහුවේය. ප්‍රභාත් ජයසූරිය ලකුණු 193කට කඩුළු 03ක් ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 182කට කඩුලු 3ක් ලැබුවේය. ප්‍රභාත් ජයසූරිය මුල් ඉනිම අවසන් වනවිට ඕවර 60ක් දමා තිබිණි. වැන්ඩර්සේ ඕවර 38කි. ඔවුන් ඕවර 154ක් ක්‍රීඩා කළේය.

ඒත් අපි ක්‍රීඩා කළේ ප්‍රභාත් ජයසූරිය තනියම දැමූ ඕවර 80ටත් වඩා ඕවර 28ක් අඩුවෙනි. ඕවර 52.2කින් සියල්ලො දැවී ගියහ. ලකුණු 165න් 72ක් චන්දිමාල්ගේය. දිමුත් කරුණාරත්න, ඈන්ජලෝ මැතිව්ස්, ඕෂධ ප්‍රනාන්දු දැවී යන්නේ ලකුණු 10ට අඩුවෙනි. සමස්ථයක් ලෙස ශ්‍රි ලංකා ක්‍රීඩකයින් 06 දෙනෙක් ලකුණු 10ට අඩුවෙන් දැවී යන්නේය. නැගී එන ටෙස්ට් ක්‍රීඩකයා ලෙස සම්මානිත කමිඳු ලකුනු 15කි. ධනංජය ද සිල්වා ලකුණු 22කි. කුසල් මෙන්ඩිස් ලකුණු 21කි.

දඟපන්දු යවන ක්‍රීඩක මැතිව් කුහ්නෙමන් පන්දු ඕවර 18.2ක දී ලකුණු 63කට කඩුළු 05කි. මිචෙල් ස්ටාර්ක් කඩුළු 02කි. නේතන් ලියොන් ලකුණු 57කට කඩුළු 03කි.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

අපට දැන් හිතෙන පරිදි ශ්‍රී ලංකාවට මඩ කුඹුරේ මැච් දිනන්නටත් මුලින්ම ටොස්ට් එක දිනිය යුතුය. පිච් එක හදා ඇත්තේ ඒ ආකාරයට. ටොස්ට් එක පරදින එකා මැච් එක පරාදය. පිච් එක හැදුවා සේ ටොස්ට් එකත් ගේමක් ගසා ගන්න සැලසුමක් දැන් අපට තිබිය යුතුය. මේ බලන් ඉන්න අපට හිතෙන හැටිය.

අපි බලා ඉන්නේ ඉනිමකුත් ලකුණු 300ක් වැනි කතාවක් නො අසා පරාජය වනතුරුය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යෝෂිත තමන් සන්තයේ තියාගත් ඉතිරි ගිනි අවි දෙකත් භාර දෙයි…

Next Post

අවුරුදු 50කට පසු ලංකාවට පැමිණ උණවටුන වෙරළතීරයේ මළගම දැක වැළපෙන ඔස්ට්‍රේලියානු අම්මා..

Related Posts

Argentina-England-WCup-Soccer-3
ක්‍රීඩා

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026
ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.