සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යොවුන් දඟපන්දු යවන්නෝ ලංකාව ටෙස්ට් ජයග්‍රහණය වෙත වඩමවාගෙන යති…

පළමු ටෙස්ට් තරගයේ ලකුනු 178ට කඩුළු 6යි... ප්‍රවීන් ජයවික්‍රම ලෝකයේ වාර්තා අතරට එක් වෙයි..

by editor
මැයි 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

බංගලාදේශ ඉනිම සුණු විසුණු කරමින් යොවුන් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්වන ප්‍රවීන් ජයවික්‍රම හා රමේෂ් මෙන්ඩිස්  ශ්‍රී ලංකාව ගෞරවණීය ටෙස්ට් ජයග්‍රහණයක් වෙත කැඳවාගෙන ගියේය.

සිය මංගල ටෙස්ට් තරගයේ  මුල් ඉනිමේදීම කඩුළු 06ක් ලබා ගෙන වාර්තා අතරට එක් වූ ප්‍රවීන් ජයවික්‍රම සිය දෙවන ඉනිමේ කඩුළු 05ක් ලබාගෙන තරගයේ ඉනිම දෙකේ දීම ලකුණු 178කට කඩුලු 11ක් වාර්තා කරමින් වාර්තා පොත් අතරට එක් විය. මංගල ටෙස්ට් තරගයේ දී ලංකාවේ පන්දු යවන්නෙක් දැක්වූ ඉහළම දස්කම මෙයය.  වර්ෂ 2008 ජේසන් ක්‍රෙජ්සාගෙන් පසු මංගල ටෙස්ට් තරගයදී කඩුළු 10ක් ලබා ගත් ලොව පළමු පන්දු යවන්නා ඔහුය.  ප්‍රවීන් සිය මංගල ටෙස්ට් තරගයේ දීම තරගයේ වීරයා විය.

ඔහුට විශිෂ්ට සහයක් ලබා දුන් රමේෂ් මේන්ඩිස් මුල් ඉනිමේ කඩුළු 2ක් හා දෙවන ඉනිමේ කඩුළු 04ක් ලබා ගත්තේය.

තරගයේ කාසියේ වාසිය  දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ නායක දිමුත් කරුණාරත්න හා ලහිරු තිරිමාන්න විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් සාරථක  ආරම්භයක් කණ්ඩායමට ලබා දුන්හ. දිමුත් ලකුණු 118ක් හා ලහිරු ලකුණු 140ක් ලබා ගත්හ. ඕෂධ ප්‍රනාන්දු ලකුණු 81ක් වාර්තා කළේය. නිරෝෂන් දික්වැල්ල ලකුණු 77ක්, රමේෂ් මෙන්ඩිස් ලකුණු 33ක්, පැතුම් නිශ්ශංක ලකුණු 30ක් වාර්තා කළහ. ලකුණු 493කට කඩුළු 7 දැවී තිබෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම සිය ඉනිම අත්හිටවූයේය. පන්දු යැවීමේ දී වේග පන්දු යවන ටස්කින් අහමඩ් ලකුණු 127කට කඩුළු 4ක් බිඳ හෙළීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි බංගලාදේශය වෙනුවෙන් සාර්ථක පිතිකරණයක නිරත වූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක තමීම් ඉක්බාල් ලකුණු 92ක් වාර්තා කළේය. ශතකය ආසන්නයේ දී තමීම් ප්‍රවීන් ජයවික්‍රමට ගොදුරු විය. බංගලාදේශයේ මුල් ඉනිම වෙනුවෙන් මොමියුනුල් හක් ලකුණු 49ක්, මුෂ්ෆික්‍යු රහුමාන් ලකුණු 40ක් ලබා ගත්තේය. බංගලාදේශ මුල් ඉනිම ලකුණු 251කට සීමා විය. ප්‍රවීන් ජයවික්‍රම මුල් ඉනිමේ කඩුළු 06ක් ලබා ගත්තේය. අනෙක් යොවුන් දඟපන්දු යවන්නා වූ රමේෂ් මෙන්ඩිස් කඩුළු 02ක් ද, සුරංග ලක්මාල් කඩුලු දෙකක් ද ලබා ගත්තේය.

ලංකාව දෙවන ඉනිම ආරම්භ කළේ ලකුණු 242ක් ඉදියෙන් හිඳිමිනි. දෙවන ඉනිම වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න ලකුණු 66ක්, ධනංජය ද සිල්වා ලකුණු 41ක්, පැතුම් නිශ්ශංක ලකුණු 24ක් හා නිරෝෂන් දික්වැල්ල ලකුණු 24ක් වාර්තා කළහ. ලකුණු 194කට කඩුලු 9ක් දැවී තිබිය දී ඉනිම අත්හිටවූ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 436 ජයග්‍රාහී ඉල්ක්කයක් බංගලාදේශ කණ්ඩායමට ලබා දුන්නේය. දෙවන ඉනිමේ දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ තයිජුල් ඉස්ලාම් ලකුණු 72කට කඩුළු 05ක් බිඳ හෙළීය.

436ක ඉලක්කයක් සඳහා ඊයේ පිටියට පැමිණි බංගලාදේශ කණ්ඩායමේ කඩුළු 5ක් ලකුණු 171කට බිඳ දැමීමට  ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ සමත් වූහ. බංගලාදේශ දෙවන ඉනිම මුළුමනින්ම බිඳ දමන්නේ දඟ පන්දු යවන්නන් විසිනි. යළිත් ක්‍රියාත්මක වූ වමතින් ඔතඩොක් පන්දු යවන ප්‍රවීන් ජයවික්‍රම කඩුළු 5ක් ලබා ගත්තේය. ඒ ලකුණු 86කටය. රමේෂ් මෙන්ඩිස් කඩුළු 4ක් ලබා ගත්තේය. ඒ ලකුණු 103කටය. ධනංජය ද සිල්වා

කඩුල්ලක් ලබා ගත්තේය ඒ ලකුණු 19කටය. බංගලාදේශ ඉනිම ලකුණු 227කට සීමා විය.

ලකුණු 209ක ජයග්‍රහණයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි විය. 2 -1ක තරගාවලි ජයග්‍රහණයක් දිනා ගත්තේය.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දක්ෂිණ අධිවේග සේවකයන් 17කට කොවිඩ් නිසා උදේ ගමන් නොමිලේ වෙයි

Next Post

ගම්පහ රන්ජන් ලංකා සේවක සේවිකාවන් 10කට කොවිඩ් ආසාදනය වෙලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.