දක්ෂිණ අධිවේගි මාර්ගයේ කොට්ටාව, කඩුවෙල සහ අතුරුගිරිය අන්තර් හුවමාරුවල සේවයේ නිරතව සිටින සියළුම සේවකයින් අද(3) උදෑසන ඉවත්කර තිබේ.
එම අන්තර් හුවමාරුවල සේවය කරමින් සිටී නිලධාරීන් 17 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බැවින් මෙම පියවර ගෙන ඇත.
ඒ අනුව අද උදෑසන සිට මෙම අන්තර් හුවමාරුවලින් අධිවේගි මාර්ගයට ඇතුළුවන කිසිදු වාහනයකට අවසර පතක් නිකුත් නොවීය.
එමෙන්ම අධිවේගී මාර්ගයෙන් පිටවීමේදී එම ස්ථානවලින් අදාල ගෙවීම් කිරීමට සිදුවිය.
එසේම අධිවේගී මාර්ගයේ ගමන් කොට කොට්ටාව, අතුරුගිරිය සහ කඩුවෙලින් පිටවන වාහනවලින් අද උදෑසන සිට මුදල් අය කිරීමක් සිදුවූයේ නැත.
කෙසේ වෙතත් මෙම හුවමාරුවල අද උදෑසන අධික තදබදයක් ද හටගෙන තිබුණි.