සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යූරියා ගල්  වෙලා… ගල්වුන යූරියා  කැට කුඩුකර යූරියා පවුඩර් දීලා… පොලොන්නරුවේ වී ගොවීන් අනාථයි!

by editor
දෙසැම්බර් 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජ‍යරත්න –

  • පොහොර කුඩු නිසා පොහොර ඉසින ගොවීන්ගේ ශරීරත් වන  වෙනවා… පොහොර තොග යළි කැඳවූ බව ජාතික පොහොර ලේකම් කාර්යාලය කියයි!

මෙවර මහ කන්නයේ තමන්ට ලැබුණු යූරියා පොහොර, කුඩුකර, පව්ඩර් ලෙස ලබාදුන් පොහොර හේතුවෙන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව පොලොන්නරුව ප්‍රදේශ ගණනාවක ගොවීහු සඳහන් කරති,

පවතින දේශගුණික තත්වය හේතුවෙන් නැව් මගින් පොහොර ගෙන ඒමේදී සහ එම පොහොර ගබඩා කර තැබීමේදී පැවති අධික සීතලත් සමග පොහොර විශාල කැට බවට පත්ව තිබූ බවත්,    සමාගම මගින් එම පොහොර කුඩුකර ගොවීන්ට ලබාදී ඇති බවත් ඔවුහු කීහ.

දැන් තමන්ට ඇති බරපතලම ගැටලුව වන්නේ කැට වෙනුවට තමන්ට ලැබුණු   යූරියා පොහොර කුඩු ගොයමට යෙදීමට ප්‍රායෝගිකව ඇති අපහසුතාවය බව ගොවීහු ලංකාසර සමග අදහස් දක්වමින් කීහ.

“ මේ යූරියා පිටි ඉහින්න බෑ… හුළඟෙ යනවා.        ගොයමට හා පසට, ගොයමේ මූල මණ්ඩලයට,  කොහොම උරා ගනීද කියලා තවම කියන්න බෑ…“ බවද පොලොන්නරුව ඇතුළු මහවැලි බී කලාපයේ ගොවීහු කීහ.,

මහවැලි බී කලාපයේ සේනපුර කොට්ඨාස ගොවි සංවිධාන සභාපති කපිල සිරිල් පතිරණ   සඳහන් කළේ සේනපුර කොට්ටාසයේ ගොවීන් විසින් වගාකර ඇති ගොයමට දින 35ක් පමණ ගතව ඇති බවත්, පොහොර යෙදීමට ප්‍රමාද වී ඇති බවත්ය.  ඒ අතරේ ලැබුණු යූරියා පොහොරද පිටි බවට පත් කරදීම හේතුවෙන් තම ගොවි සංවිධානයේ විශාල ගොවීන් පිරිසක් දැඩි  අසීරුතාවට පත්ව ඇති බවත් ඔහු කීවේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“යූරියා පොහොර මිටියක් සඳහා එක් ගොවියකු රුපියල් 10,000 බැගින් රජයට ගෙවා තිබෙනවා.  යූරියා පොහොර වෙනුවට කුඩු ලැබුණෙ. මේ    පොහොර මිටියක් අක්කරයකට යෙදීමට බෑ.    ඉසින කුඩු පොහොර ගොයමට නොවැටී, සුළඟට විසිර යනවා.  නියමිත ආකාරයට පොහොර යොදාගන්න බෑ… අපි ගොඩක් අසරණයි.“    කපිල සිරිල් පතිරණ   සඳහන් කළේය.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ගොවීන්ට ලබාදුන් එම පිටි පොහොර යළි, රජයට ලබාගෙන ඒවා බඩ ඉරිඟු සහ වෙනත් බෝග වලට යෙදීමට කටයුතු කරන ලෙසත්, තමන්ට වී වගාව සඳහා ඉසීමට ප්‍රමිතියෙන් යුතු යූරියා පොහොර ලබාදෙන ලෙසත් කොට්ඨාස ගොවි සංසංවිධාන සභාපතිවරයා රජයෙන් ඉල්ලීමක් කළේය.

යූරියා කුඩු…

පොළොන්නරුව සේවාගම ගොවි මධ්‍යස්ථාන මඟින්, වැවේතැන්න, ලක්ෂ උයන, කාලිංගඇල, සිංහපුර, ඕනෑගම ප්‍රදේශවල ගොවීන්ට ලබාදුන් යූරියා පොහොර ද   පවුඩර් බවට පත් වී ඇති බැවින් ඒවාද ගොයමට ඉසීමට නුසුදුසු තත්වයේ පවතින බව එම ගොවීහු සඳහන් කරති.

මහවැලි බී කලාපය ව්‍යාපාර කමිටුවේ හිටපු ලේකම් සරත් රාජපක්ෂ මහතා සඳහන් කළේ අරලගංවිල 503 කලාපයේද ගොවීන් රැ සකට එම පවුඩර් යූරියා පොහොර ලැබී ඇති බවය.

එම පොහොර ගොයමට යෙදීමේදී ශරීරයට පැමිණ දැවටීම නිසා ශරීරය හම තුවාල වීමට පටන්ගෙන ඇති බවත්, මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකර කඩිනම් විසඳුම් ගන්නා ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

අප මේ පිළිබඳව පොහොර ලේකම් කාර්යාලයේ පොළොන්නරු දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ, විමල් කුමාරගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, මීට දින කිහිපයකට පෙර දෙවන අදියරේ ලැබුණු පොහොර අධික සීතල හේතුවෙන් ගල්ගැසී තිබූ බවත්, එම පොහොර කුඩුකර දීමට කටයුතු කළද එහි ප්‍රමිතියේ අඩුවක් නොවන බවත්ය.

ලියද්දේ වතුර අඟලක් පමණ රඳවා තිබීමෙන් එම පොහොර ඉසීමෙන් එතරම් ගැටලුවක් නොවන බවත් ඔහු කීවේය.

මෙවර ජාතික පොහොර ලේකම් කාර්යාලය මැදිහත්වීමෙන් පොහොර නොගෙන්වු බවත්, ගොවීන්ට කෙලින්ම අමාත්‍යාංශය මැදිහත් වී  එම පොහොර   මෙරටට ගෙන්වා ඇති බවත්, එලෙස  පොළොන්නරුවට ගෙන්වන ලද පොහොර සීතල වී 50% ක් පමණ ගල්ගැසී තිබුණු බවත් ඔහු කිවේය.

ගොවීන්ට ලබාදුන් එම පොහොර නැවත ගෙන්වා ගැනීමට උපදෙස් ලබාදුන් බවත් විමල් කුමාර   කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වසන්ත මුදලිගේ අධිකරණයට ගෙන විට අධිකරණය ඉදිරිපිට රැස්වී අධිකරණයට අපහාස කළැයි සිරිධම්ම හිමි ඇතුළු  08කට සිතාසි..

Next Post

පොල් ගෙඩියක මිල 300 දක්වා ඉහළට… පොල් බෑ වෙළඳාම ඇරඹෙයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.