අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුක්තිය මෙහෙයවන්නන් ඇමතිත් ඇන්දුව ද?…

by editor
ජනවාරි 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පොලිස් මූලස්ථානය සහ  මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය විසින් නිකුත් කරන යුක්තිය මෙහෙයුමේ දී අත් අඩංගුවට ගත් හෙරොයින් සහ අයිස්   මත්ද්‍රව්‍ය ප්‍රමාණයන්හි බරපතල වෙනසක් නිරීක්ෂණය වී ඇති බවත්  පොලිසියේ යම් කණ්ඩායමක් විසින් සංඛ්‍යා විජ්ජාවක් පෙන්වා මහජන ආරක්ෂක අමාත්‍යවරයාත් නොමග යවා ඇති බවත් පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.  

දෙසැම්බර් 17 සිට 31 වැනිදා දක්වා කළ යුක්තිය මෙහෙයුම් වලින් කුඩු කිලෝ කිලෝ 11යි ග්‍රෑම් 600ක් ද,  අයිස් කිලෝ 08යි ග්‍රෑම් 378ක් අත් අඩංගුටවට ගත් බව පොලිස් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන කියයි.

එමෙන්ම යුක්තිය හරහා ජනවාරි 01 සිට ජනවාරි 17 වැනිදා දක්වා අත් අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් කිලෝ 4යි ග්‍රෑම් 832ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 6 යි  ග්‍රෑම් 673කි.

ජනවාරි 01 වැනිදා සිට 17 දක්වා ග්‍රෑම් 500කට වඩා වැඩි මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් රට පුරාම කළ මෙහෙයුම්වලින් අත් අඩංගුවට ගෙන ඇත්තේ අවස්ථා 03ක දී පමණි.

එනම් පසුගිය 6 වැනිදා අයිස් කිලෝ 1යි ග්‍රෑම් 70ක්, ජනවාරි 11 වැනිදා හෙරොයින් ග්‍රෑම් 685ක් සහ 16 වැනිදා ග්‍රෑම් 501ක් ලෙසය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ අනුව පොලිස් මූලස්ථාන වාර්තා ප්‍රකාරව දෙසැම්බර් 17 වැනිදා සිට ජනවාරි 17 වැනිදා දක්වා මාසයකට ආසන්න කාලය තුළ  යුක්තිය මෙහෙයුම මගින් අත් අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 16 යි ග්‍රෑම් 432 කි.  අත් අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 16යි ග්‍රෑම් 51කි.

එහෙත් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය සිය සංඛ්‍යාලේඛණ මාධ්‍යය වෙත මුදා හරිමින් පවසන්නේ මෙහෙයුම හරහා  හෙරොයින් කිලෝ ග්‍රෑම්   73යි ග්‍රෑම්  300ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 206ක් අත් අඩංගුවට ගත් බවය.

ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන අනුව යුක්තිය මෙහෙයුම දියත් කළ මාසය පුරා  හෙරොයින් කිලෝ ග්‍රෑම් 57යි ග්‍රෑම් 249ක් සහ  අයිස් කිලෝ ග්‍රෑම් 189 ග්‍රෑම් 949ක වැඩිවීමක් පෙන්නුම් කර තිබේ.

කෙසේ වෙතත් මේ මෙහෙයුම  යන අතරතුර ජනවාරි මස 04 වැනිදා නාවික හමුදාව  මූලිකත්වයෙන් එකාබද්ධ බුද්ධි මෙහෙයුමක් හරහා  හික්කඩුව දෙසින් ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මගින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් අත් අඩංගුවට ගත්තේය.  වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් යොදවා හික්කඩුවට බටහිර ප්‍රදේශයේ නාවකි සැතපුම් 28ක් පමණ දුරින් අත් අඩංගුවට ගත් මෙම බහුදින ධීවර යාත්‍රාව ජනවාරි මස 05 වැනිදා උදෑසන ගාලු වරයාට රැගෙන ආවේය. මෙම මෙහෙයුමේ දී ඇසුරුම් බර සහිතව අයිස් සහ හෙරොයින් කිලෝ ග්‍රෑම් 245ක් සැක කරුවන් 06 දෙනෙක් සමග අත් අඩංගුවට ගත්තේය.

නාවික හමුදාව විසින් සිදුකළ මෙම මෙහෙයුමේ දී අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයත් මහජන ආරක්ෂ දෙපාර්තමේන්තුව සහ යුක්තිය මෙහෙයුමේ යම් නිලධාරීන් එම මෙහෙයුමේ ප්‍රතිඵළයක් ලෙස පෙන්වීමට යෑම නිසා මේ අර්බුදය ඇති වී තිබෙන බව මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කළ පොලිසියේ ආරංචි මාර්ග පැවසුවේය.

මේ තත්ත්වය තුළ ඇමතිවරයා අපහසුතාවයට පත් කරනවා පමණක් නොව මෙම මෙහෙයුමේ සැබෑ බර නැතිවී එයත් හෑල්ලුවන තත්ත්වයට පත්වන බව ද ලකුණුවලට කෑදර සමහර නිලධාරීන් විසින් සිදුකරන මෙවැනි ක්‍රියා සමස්ථ මෙහෙයුම් ක්‍රියාවලියටම ගැටලුවක් බවක් ද එම තොරතුරු මාර්ග කියයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මයිකල් ජැක්සන් එක්ක යුගල නර්තනයක යෙදෙමින්  ඔඩිසි නැටූ ශ්‍රී ලාංකික මහාචාර්යවරිය…

Next Post

කරාපිටිය රෝහලේ සුලු සේවිකාවකට පහර දුන් විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා 21 තෙක් රිමාන්ඩ්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.