දිනසේන රතුගමගේ
ප්‍රංශයේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහල තනතුරකට යාපනයේ දෙමළ තරුණයෙකුව 26 දා පත් කොට තිබේ.
උත්තියසෝතී කලන් නැමති මෙම තරුණයා ප්‍රංශයේ පොලිස් ඩිප්ලෝමා සහතික පත්‍ර විභාගයට පෙනී සිට ඇති අතර ඊට සහභාගී වූ 176 දෙනෙකු අතරින් 30 දෙනෙකු තෝරා ගැනීමේදී එම විභාගයෙන්ද ඔහු සමත් වී ඇත.
විභාගය සමත්වීමෙන් පසුව ඔහුට ප්‍රංශයේ අභ්‍යන්තර කටයුතු පිළිබද අමාත්‍යවරයා විසින් පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහල තනතුර පිරිනමා ඇත.
කලන් ගේ මව හා පිය යාපනය අතහැර ගොස් කාලයක් තිස්සේ ප්‍රංශයේ පදිංචි වී සිටින යුවලකි.







