දිනසේන රතුගමගේ
මේ දිනවල යාපනයේ පැවත්වෙන සරුංගල් සැණකෙළිය නිසා යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණෙන හා පිටව යන ගුවන් යානා වලට විශාල තර්ජනයක් එල්ල වී තිබේ.
මේ නිසා ගුවන් තොටුපල අවට කලාපයේ සරුංගල් යැවීම හා බැලුන් යැවීම වහාම නතර කරණ ලෙස යළිත් වරක් මහජනතාවට දැණුම් දීමට බලධාරින්ට සිදුව තිබේ.
ශබ්ද වාහිනී යන්ත්‍ර ආධාරයෙන් හා පෝස්ටර් ඇලවීමෙන් යාපනයේ ජනතාව යළිත් වරක් මේ දිනවල දැණුවත් කිරීමට පටන් ගෙන ඇති අතර මීට ඉහතදී බලධාරීන් ජනතාවට කරණ ලද දැණුම් දීම් වලට ජනතාව ඇහුම්කන් නොදුන් බව බලධාරීන් ප්‍රකාශ කොට සිටියහ.
තෛපොංගල් සමයත් සමගම උතුරේ සරුංගල් සැණකෙළිය ආරම්භ වී ඇති නිසා යාපනය ඇතුලු උතුරේ සෑම ප්‍රදේශයකම ක්‍රීඩාංගණ වල හා මුහුදු වෙරළවල් වල සරුංගල් තරග පැවැත්වීමට විවිධ ක්‍රීඩා සමාජ පටන් ගෙන තිබේ.
එවැනි සරුංගල් සැණකෙළි දෙකක්ම නතර කොට දැමීමට යාපනයේ ආරක්ෂක අංවලට පසුගියදා සිදු වූයේ එම තරග යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල ආසන්නයම සංවිධානය කොට තිබීම හේතුවෙනි.







