අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනයේ තරුණයෙක් සරුංගලයකින් ගුවන්ගත වෙයි!

by editor
ජනවාරි 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනයේ තොණ්ඩමානාරු ප්‍රදේශයේ තරුණයෙකු සරුංගලයක ලණුවේ එල්ලි අඩි 80 ක් පමණ ඉහළ අහසේ පියාසර කොට    නරඹන්නන් මවිතයට පත් කළ සිද්ධියක් ඊයේ (17) තොණ්ඩමනාරු ප්‍රදේශයෙන් වාර්තා විය.

ඔහු සරුංගලයේ ලණුවේ එල්ලී තොණ්ඩමානාරු කෝවිලට ඉහලින් පියාසර කරමින්  කෝවිලට නමස්කාර කොට පසුව ඒ ලණුවේ ආධාරයෙන්ම බිමට බැස්සේය.

යාපනය තොණ්ඩමානාරු ප්‍රදේශයේ තරුණයින් පිරිසක්  යාපනයේ වැල්වෙට්ටිතුරේ පැවති  සරුංගල්  තරගයට  ඉදිරිපත්  කිරීම සදහා  අඩි 40 ක් පමණ උස දැවැන්ත සරුංගලයක් නිර්මාණය කළහ.

යන්ත්‍රානුසාරයෙන් එම සරුංගලය  අහසට යැවීමට ඔවුන් පියවර ගෙන තිබුණද කාර්මික දෝෂයක් හේතුවෙන් එම සරුංගලය නියමිත දිනයේදී තරගයට ඉදිරිපත් කිරීමට නොහැකි වී තිබිණි.

මේ නිසා එම තරුණයෝ තොණ්ඩමානාරු කෝවිල අසල පිට්ටනියේදී එම සරුංගලය මහජනයාට දැක ගන්නට අහසට යැවූහ. එම අවස්ථාවේදී එක් තරුණයෙකු සරුංගලයේ  ලණුව දිගේ ඉහලට ගියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මීට වසර දෙකකට පමණ ඉහතදී යාපනයේ පුද්ගලයෙකු සරුංගලයේ ලණුවේ එල්ලී සිටියදී ඔහු  අඩි සීයක් පමණ  උසකට ඉහළ අහසට පාවී ගොස්   ඉතා ආයාසයෙන් පහලට රූටා පැමිණ බිම ඇද වැටී ජීවිතය ගලවා ගෙන තිබුණේය. නමුත් මෙවර තරුණයා සිය කැමැත්තෙන් ජනතාවට සන්තෝෂයක් ලබා දීම පිණිස මෙම ක්‍රියාව සිදු කොට ඇත.

මෙහිදී නරඹන්නන් ගෙන්  විශාල පිරිසක් ප්‍රීතියට පත්ව ඔල්වරසන් දෙන්නට වූ අතර තවත් පිරිසක් ඉතා බියෙන් කෑ ගසමින් සිටියේ තරුණයා ලණුවෙන් ලිස්සා බිමට ඇද වැටේ යැයි යන බිය නිසාය.

කෙසේ වෙතත් යාපනයේදී නිර්මාණය වන දැවැන්ත සරුංගල් යන්ත්‍රානුසාරයෙන් අහසට යැවෙන අතර ඒවා ක්‍රියාත්මක කිරීමට නූල් ප්‍රමාණවත් නොවන නිසා විශාල කඹ උපයෝගී කරගෙන  එම සරුංගල් මෙහෙයවනු ලබයි.

යාපනයේ තොණ්ඩමානාරු ප්‍රදේශයේ තරුණයා ඉහල අහසට පාවී ගියේ එවැනි කඹයක එල්ලීගෙනය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

DAT ඉල්ලා වර්ජනය කළ සුලු සේවිකාවකට විශේෂඥ වෛද්‍යවරයක් පහර දුන්නැයි කරාපිටිය රෝහලේ විරෝධතාවයක්!

Next Post

සුළු සේවිකාවකට පහර දුන් විශේෂඥ වෛද්‍යවරයා අත් අඩංගුවට ගන්න… කරාපිටියේ වෛද්‍යවරු හැර සමස්ථ රෝහල් කාර්ය මණ්ඩලයම එළියට බසිති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.