දිනසේන රතුගමගේ –
යාපනයේ චුන්නාකම් ප්‍රදේශයේ තරුණයින් දෙදෙනෙකුට වධ හිංසා කිරීමේ චෝදනාව මත යාපනය මහාධිකරණයෙන් වසර දහයක සිර දඩුමක් නියම වූ පොලිස් නිලධාරීන් තුන් දෙනෙකුට අභියාචනාධිකරණයේදී යළිත් එම තීන්දුවම ලබා දී තිබේ.
2017 වසරේදී යාපනය චුන්නාකම් ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයින් දෙදෙනාට පොලිස් ස්ථානය තුළදී වධ හිංසා කළ බවට යාපනය මහධිකරණයේදී විභාග වූ නඩුවකදී වසර දහයක සිර දඩුවමක් එවකට යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චෙලියන් විසින් ලබා දී තිබුණි.
එම තීන්දුව අභියෝගයට ලක් කරමින් විත්තිකරුවන් විසින් අභියාචනාධිකරණයට ගොනු කරන ලද පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී යාපනය මහාධිකරණයෙන් ලබා දුන් තීන්දුව යළිත් තහවුරු කරමින් එම සිර දඩුවම 2017 ඔක්තෝබර මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි දඩුවම් නියම කොට තිබේ.







