දිනසේන රතුගමගේ –
යාපනය හා කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය ජූලි මස 15 දා සිට යළි ආරම්හ කරණ බව දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ (27) දා නිවේදනය කොට තිබේ.
උතුරු දුම්රිය මාර්ගයේ ප්රතිසංස්කරණ කටයුතු නිසා මෙතෙක් කොළඹ සිට දුම්රිය ධාවනය පසුගිය ජනවාරී මස 5 වෙනිදා සිට අනුරාධපුරයට පමණක් සීමා වී තිබුණි.
ඉන්දීය ණය ආධාර මත උතුරු දුම්රිය මාර්ගය ප්රතිසංස්කරණය කිරීම මහව සිට ඕමන්ත දක්වා සිදු කිරීමට නියමිතව ඇති නමුත් ඉදිරි කාලයේදී දැඩි වර්ෂා කාලයක් එළඹෙන බැවින් අනුරාධපුරයේ සිට මහව දක්වා වූ දුම්රිය මාර්ග කොටස ප්රතිසංස්කරණය කිරීම ලබන වර්ෂයේ ජනවාරී මාසය දක්වා තාවකාලිකව කල් දමා ඇත.
දැනට අනුරාධපුරයේ සිට ඕමන්ත දක්වා වූ දුම්රිය මාර්ග කොටස සම්පූර්ණයෙන්ම ප්රතිසංස්කරණය කොට අවසන් නිසා කොළඹ කොටුව හා යාපනය අතර දුම්රිය ධාවනය ජූලි මස 15 වෙනිදා සිට ආරම්හ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කොට තිබේ.







