අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යළිත් කොවිඩ් පැතිරෙමින් ඇති බව මගේ අනුමානයයි!… මුව ආවරණ පළඳින්න හුරු වීම වඩාත් සුදුසුයි… මහාචාර්ය චන්දිම ජීවන්දර කියයි.  

by editor
දෙසැම්බර් 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

මේ වනවිට රට තුළ සීඝ්‍රයෙන් පැතිරී යන ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය කොවිඩ් වෛරසයේ ඔමික්‍රොන්  ප්‍රභේදයේ JN.1 උප ප්‍රභේදය විය හැකි යැයි තමන් අනුමාන කරන බවත් නැවතත් කොවිඩ් වෛරසය සමාජය තුළ පැතිරෙමින් ඇති බවත් යළිත් වරක් මුහුණු ආවරණ පැළඳීමට යොමුවීම වඩාත් උචිත බවත්  ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ  ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතයේ  අධ්‍යක්ෂ වෛද්‍ය මහාචාර්ය චන්දිම ජීවන්දර ට්විටර් නමින් පෙර හැඳින් වූ X හි පණිවිඩයක් තබමින් පවසයි.

මේ වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ් පරීක්ෂණ ශූන්‍යයට ආසන්න බැවින් අප ඉන්නා තැන සම්බන්ධව අප නොදන්නා බව පෙන්වා දෙන මහාචාර්යවරයා  මේ වනවිට  ඉන්දියාවේ කොචින්හි   ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග (ILI) ලක්ෂණ  ඇති සියලුම රෝගීන්ගෙන් 30% ක් කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වූ බවත් පර්යේෂණ මගින් අවධාරණය වන්නේ  ඔවුන් ආසාදානය කර ඇත්තේ ඔමික්‍රොන් ප්‍රභේදයේ JN.1 උප ප්‍රභේදය බවත්  පෙන්වා දෙයි.

2. It was tested and demonstrated that it’s due to JN.1 sub-variant of Omicron

— Chandima Jeewandara (@chandi2012) December 21, 2023

“අප දන්නා දෙය නම්, කොවිඩ් සෙම්ප්‍රතිශ්‍යාව තරම් සරල නොවන බවය. මිනිසුන්ට දැඩි ලෙස රෝගාතුර විය හැකි බවය.  හෘදයාබාධ, ආඝාත සහ මානසික සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානම ඇතුළු දිගුකාලීන බලපෑම් ඇති කළ හැකි රෝගී තත්ත්වයක් බවය.”

“නමුත් මේ කොවිඩ් තත්ත්වය නිසා අපේ සෞඛ්‍ය පද්ධතිය අවදානමක නැත.      අපි පෙර කොවිඩ්  රැල්ල සාර්ථකව කළමනාකරණය කර තිබේ. එන්නත් තවමත් ක්‍රියාත්මකය.  රෝගීන් වැඩි වුවහොත් රටේ සෞඛ්‍ය අංශ ඊට සූදානම්ය.”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“නමුත් ඔබ වැඩිහිටියෙක් නම්,   වෙනත් රෝගාබාධ හේතුවෙන් දුර්වල ප්‍රතිශක්තියක් ඇති අයෙක්  නම්, මුහුණු ආවරණ පැළඳීම සුදුසුය. “

මහාචාර්යවරයා සිය ට්විටර් නමින් හැඳින් වූ X සමාජ ජාලය හරහා දන්වා සිටී.

දුර්වල වාතාශ්‍රය සහිත තැනක,  සංවෘත තැනක,  ජනාකීර්ණ පරිසරයක ගැවසෙන පුද්ගලයින්  මුහුණු ආවරණ පැළඳීම වඩා ආරක්ෂිත බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.

JN.1 හි රෝග ලක්ෂණ වන්නේ උණ, කැස්ස, සුවඳ නැතිවීම සහ රසය නැති වීම බවත්,  නොනැසී පවතින අධික උණ, හුස්ම ගැනීමේ අපහසුතා, තෙහෙට්ටුව, ආහාර ගැනීමට නොහැකි වීම සහ වමනය  බවත් ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල නිරීක්ෂණය කරන පරිදි මෙම ලක්ෂණ JN.1 කොවිඩ් උප ප්‍රභේදයේ  අනතුරු ඇඟවීමේ සංඥා විය හැකි බවත් පවසන මහාචාර්යවරයා මෙම රෝග ලක්ෂණ වේ නම්       වෛද්‍ය උපදෙස් පතන ලෙස ජනතාවට උපදෙස් දෙයි.

“එන්නත් තවමත් ක්‍රියාත්මකයි !! ඔබට විශේෂයෙන් අවදානම් සහිත පුද්ගලයෙක් නම් ඔබ සඳහා බූස්ටර එන්නත අවශ්‍ය විය හැකියි. මෙය පුදුමයක් නොවේ… අතීතයේ කළාක් මෙන් කොවිඩ් ආරක්ෂණ පිළිවෙත් දිගටම පවත්වාගෙන යමු.” මහාචාර්යවරයා යෝජනා කරයි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

 කෝටි 12ක වත්කම් ගැන පරීක්ෂණ නොකරන්නැයි කුඩු ජාවාරම් කරුවෙක් ඩුබායිහි සිට වලාන විමර්ශකයින්ගෙන් ඉල්ලයි….

Next Post

නීතිඥ සංගමය නෙමෙයි… හැමෝම එකතු වෙලා කිව්වත් මම කියන දේ මම කියනවා… දේශබන්දු පොලිස්පති කරන්න අකමැති කුඩු කාරයිනගේ නීතිඥයො… ඇමති ටිරාන් නීතිඥ සංගමයට උත්තර දෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.