අද (01) ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ දුරකථන සංවාදයක් පැවැත්වූ ඉන්දියානු අගමැති නරෙන්ද්‍ර සිං මෝදි දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ඛේදජනක ජීවිත හානි සහ පුළුල් විනාශය පිළිබඳව සිය හෘදයාංගම ශෝකය පළ කර තිබේ.
ශ්‍රී ලාංකික ජනතාව දැඩි පීඩාට පත් වී සිටින මේ අවස්ථාවේදී ඉන්දීය ජනතාව ශ්‍රී ලංකා ජනතාව සමඟ ස්ථිර සහයෝගයෙන් සිටින බව ඉන්දීය අගමැතිවරයා සහතික කර ඇත.
ව්‍යසනයෙන් පසු ඉන්දියාව විසින් ක්ෂණිකව මැදිහත් වී ලබා දුන් සහයෝගය පිළිබඳව ඉන්දීය අගමැතිවරයා වෙත සිය ගැඹුරු කෘතඥතාව පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවගේ කෘතඥතාවය ද ඉන්දීය අගමැතිවරයා වෙත පිරිනමා තිබේ.
සාගර් බන්දු මෙහෙයුම යටතේ විපතට පත් පුද්ගලයින්ට ගලවා ගැනීමේ ඉදිරි මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවට ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහතික වී ඇත.
එමෙන්ම “මහාසාගර් දැක්ම”ටත් එම දැක්ම තුළ ‘පළමු ප්‍රතිචාර දක්වන්නා’ ලෙස ස්ථාපිත ස්ථාවරයටත් අනුකූලව, මෙම දැවැන්ත ස්වභාවික ව්‍යසනයෙන් පසු ශ්‍රී ලංකාව තුළ පුනරුත්ථාපන කටයුතු සිදු කරන විට, මහජන සේවාවන් නැවත ආරම්භ කරන විට සහ බලපෑමට ලක් වූ කලාපවල ජීවනෝපායන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කරන විට, ඉදිරි දිනවලදී අවශ්‍ය සි







