බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මොණරෙක් මරා පුලුස්සා කන ප්‍රකට වීඩියෝව හැදූ විදේශිකයාටත්  වීඩියෝවට එක් වූ ආදිවාසීන් 5ටත් වනජීවීයෙන් නඩු දමයි!

by editor
ජූනි 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ, මීට වසර හතරකට හෝ පහකට ඉහතදී. ආරක්ෂිත පක්ෂියෙකුවන මොණරෙකු දුනු, ඊතල,  වලින් විද මරා  මස්කර,   ගිනි දල්වා මාංශ පිස ආහාරයට ගන්නා අයුරු රූ ගතකර යූ ටියුබ් වීඩියෝවක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශනය කිරීම හා මාදුරුඔය  ජාතික වනෝද්‍යානයට ඇතුල්වීම ඇතුළු චෝදනා පහක් යටතේ මහියංගන දඹාන ප්‍රදේශයේ ආදිවාසී පස්දෙනෙකු සහ විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගැනීමට හේනානිගල වන සත්ත්ව අඩවි ආරක්ෂක ඩබ්ලිව්.එම්.කුමාරසිරි විජේකෝන්   විසින් ඊයේ (13 )  මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු ඉදිරිපත් කොට තිබේ. 

මාදුරුඔය ජාතික වනෝද්‍යායේ ආරක්ෂිත පක්ෂයෙකු ලෙස හඳුන්වන මොණරෙකු දඩයම් කර ගිනි දල්වා පුළුස්සා විදේශිකයකු සමග එම මස් ආහාරයට ගන්නා අයුරු රූගත කර youtube නාලිකාවක් ඔස්සේ ප්‍රදර්ශනය කෙරු සංචාරක විදේශිකයා හා මහියංගන දඹාන, කොටබකිනිය ප්‍රදේශයේ ආදිවාසීන් පස්දෙනා, අත්අඩංගුවට ගෙන වනසත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත උල්ලංඝනය සම්බන්ධයෙන්    නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා බී වාර්තාවක් මගින් මෙම කරුණු ඉදිරිපත් කර ඇති බව  හෙනානීගල වන සත්ත්ව  අඩවි ආරක්ෂක කුමාරසිරි විජයකෝන්   අප කළ විමසීමකදී සඳහන් කළේය.

එම මොනරාගේ කොටසක් ගින්නෙ වේලා, මීපැණි එක්කර ආදිවාසීන් සහ විදේශිකයා විසින් ආහාරයට ගන්නා අයුරු රූගත කර තිබෙන ආකාරය තමා ඇතුළු වනජීවී නිලධාරින් විසින් නරඹා නිරීක්ෂණය කළ බවද  වන අඩවි නිලධාරියා කීය

මොනර පුලුස්සන අයුරු…

ඒ අනුව මෙම සිද්ධිය 2019 වර්ෂයේ හෝ 2020, වර්ෂයේ සිදුව ඇති බවට සැක කරන බවත්, විදේශිකයා සමග දඹාන ප්‍රදේශයේ ආදිවාසීන් පස්දෙනා එම අපරාධය සාමූහිකව සිදුකර රූගත කිරීම සම්බන්ධව සහ 1964 අංක 44 දරණ හා වර්ෂ 1970 අංක 01 හා 1993 අංක 49 දරන හා වර්ෂ 2012 අංක 22 දරණ අණ පනත් වලින් සංශෝධිත, 1937 අංක 02 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 469 අධිකාරිය සහ දණ්ඩ නීති සංග්‍රහයේ අංක 32 ප්‍රකාරව පොදු අරමුණින් යුතුව මෙම අපරාධය සිදුකර ඇති බවට සනාථ වීම නිසා ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට මේ යටතේ සිදුකරන බවත් කුමාරසිරි  විජේකෝන්  කීවේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

විදේශිකයා සමග එක් වී පිලිස්සු මොණර මස් අනුභව කරන ආකාරය….

මහියංගන දඹාන කොටබකිනිය ගම්මානයේ පදිංචි මෙම ආදිවාසීන් පස්දෙනා සහ විදේශිකයා අත්අඩංගුවට ගෙන, මාදුරුඔය ජාතික වනෝද්‍යානයට ඇතුළුවීම,ගිනිපත්තු කිරීම, දුනු ඊතල,වලින් ආරක්ෂිත පක්ෂියෙකු මරා පුළුස්සා මස් කර ආහාරයට ගැනීම,  එය රූගත කර   සමාජ මාධ්‍ය ඔස්සේ රටටත් ජාත්‍යන්තරයටත් මුදා හරිමින් ශ්‍රී ලංකාවේ වනජීවීන් අපරාධ සිදු කිරීමට අනුබලදීම ඇතුළු කරුණු හයක් යටතේ ඔවුන්ට, එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවද කුමාරසිරි විජේකෝන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ ආරක්ෂිත පක්ෂීයෙකුවන මොණරෙකු, ඊතල දුනු වලින් මරා ගිනිදල්වා පුළුස්සා ආහාරයට ගන්නා වීඩියෝව ජාත්‍යන්තරයට මුදා හැරීමෙන් පසු එය ලක්ෂ 80 කට  වැඩි ප්‍රමාණයක් නරඹා තිබෙන බවද කුමාරසිරි විජයකොන් කීය.

පහත දැක්වෙන්නේ එම වීඩියෝව ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහින්දානන්ද මට ගැහුවේ නෑ කියලා කියනවා නම් ඒක අමූලික බොරුවක්… අත්අඩංගුවට ගැනීම් නෑ… මම නඩු යනවා…. ගුණතිලක රාජපක්ෂ අවධාරණ්‍ය කරයි!

Next Post

14 හැවිරිදි පාසල් දැරියක ගැබිණියක් කළ සල්ලාල මහල්ලෙක් සහ තවත් සැකකරුවෙක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.