දිනසේන රතුගමගේ –
මුලතිව් කේපාපිලව් ප්‍රදේශයේ දාහතර හැවිරිදි පාසල් දැරියක් ගැබිනියක කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම ගම්මානයේ වයස අවුරුදු 59 ක හා 31 ක සැකකරුවන් දෙදෙනෙකු මුලතිව් පොලීසිය විසින් ඊයේ ( 13 ) අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම දැරිය ජීවත් වූ නිවසේම සිටි 59 හැවිරිදි ඇගේ ඥාතියෙකු විසින් පාසල් දැරිය වරින් වර දූෂණය කිරීම නිසා ඇය ගැබ් ගත් බවට තොරතුරු ලැබීමෙන් පසුව පොලීසිය ඔහුව අත් අඩංගුවට ගෙන දීර්ඝ වශයෙන් ප්‍රශකොට තිබේ.
ඒ අවස්ථාවේදී වයෝවෘද්ධ පුද්ගලයා පොලීසියට පවසා ඇත්තේ තමන් එම දැරිය දූෂණය කිරීමට පෙර ගම්මානයේ තරුණයෙකු විසින් ඇය සමග ලිංගිකව හැසිරීමේ ප්‍රතිපලයක් ලෙස ඇය ගැබ් ගත් බවය.
පසුව පොලීසිය එම තරුණයාද අත් අඩංගුවට ගෙන ඔහුගෙන්ද ප්‍රශ්න කරගෙන යයි.
දැරියගෙන් ලබා ගත් ප්‍රකාශයන් මත එම සැකකරුවන් දෙදෙනා හා දැරිය මුලතිව් මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගැනීමෙන් පසුව සියලු දෙනාම රෝහල් ගත කොට ඔවුන් සම්බන්ධයෙන් රුධිර පරීක්ෂණ සිදු කොට ඒ පිළිබදව වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මුලතිව් මහෙස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.







