පොලිසිය විසින් පනවා ඇති ඇඳිරි නීතිය ව්‍යාජ සහ නීති විරෝධී එකක් බැවින් හෙට බියක් සැකයක් නොමැතිව පාරට බසින ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා සිටි.
කොළඹ නගරයට සහ තදාසන්න ප්‍රදේශවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය සම්බන්ධයෙන් සිය ටිව්ටර් ගිණුම හරහා අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේය.
Police curfew is a fraud. It is illegal. Get on to the streets tomorrow. Defy the dictatorship and join with the people to make democracy victorious. Yes we can!
— Sajith Premadasa (@sajithpremadasa) July 8, 2022
මීට ටික වෙලාවකට පෙර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පවසන්නේ ඒකාධිපතිවාදය පරාජය කොට රටේ ජනතාවට ප්රජාතන්ත්රවාදී ජයග්‍රහණයක් ලබා ගැනීමට සැවොම එක්ව කටයුතු කළ යුතු බවය. එය මේ රටේ ජනතාවට හැකියාවක් ඇති කාර්යයක් බව තමන් විශ්වාස කරන බවද හෙතෙම සඳහන් කරයි.
පොලිස් අඳිරි නීතියක් ප්‍රකාශයට පත් කිරීමට පොලිස්පතිවරයාට බලයක් නොමැති හෙයින් වහාම මෙම ව්‍යාජ නීතිය ඉවත් කරන්නැයි විපක්ෂ නායකවරයා පොලිස්තිවරයාගෙන් ඉල්ලා ඇත. එසේම ඔහු පොලිස්පතිවරයාට අවධාරණය කරන්නේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පොලිසියට ව්‍යවස්ථානුකූල වගකීමක් ඇති බවය.
IGP, You have no authority to declare "Police Curfew". You are constitutionally required to protect the people's fundamental rights, including the right to dissent. Please immediately withdraw your purported "Police Curfew" notice.
— Sajith Premadasa (@sajithpremadasa) July 8, 2022







