සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ වසරේ අත් හැරුන  6 ශ්‍රේණියේ සිසුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාමුව තුළට ගන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි… අධ්‍යාපන ඇමතිනීය කියයි!

by editor
ජනවාරි 29, 2026
in පුවත්
Harini
Share on FacebookShare on Twitter

මේ වසරේ දී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 6වන ශ්‍රේණියට ක්‍රියාත්මක කරන්නට නොහැකි වුව ද එම දරුවන්  ද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාමුව තුළට එක කරගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත්, එම දරුවන් සැලසුම් කළ ප්‍රතිසංස්කරණ රාමුවෙන් අත් හැර නොයන බවත් අද අධ්‍යාපන ඇමති අගමැතිනී ආචාර්ය හරිණී අමරසූරිය පැවසුවාය.

අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ  2026 පළමු ශ්‍රේණිය සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සහ විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීම   පදනම් කරගෙන අතුරුගිරිය  ගුණසේකර විද්‍යාලයේ දී පැවති ජාතික උත්සවය අමතමිනි.

ඇය එම සභාව අමතමින් කීවේ මෙසේය… “ දුවේ පුතේ… අද සිට පළවෙනි  ශ්‍රේණියෙන් ඔබට අප තිලිණ කරන්නේ ඔබ අසමත් නොවන අධ්‍යාපන ක්‍රමයක්.”

අගමැතිනිය මෙසේ ද පැවසුවාය.

දශක ගණනාවක් තිස්සේ අපි හුරු වෙලා ඉන්නේ පොතේ පතේ දැනුමට මුල් තැන දෙන අතිශය තරගකාරී අධ්‍යාපන රටාවකට. මේ ක්‍රමය තුළින්  බොහෝ දරුවන් අධ්‍යාපනයෙන් පිටමං වෙන එක අපට නවත්වා ගන්න අපට බැරි වුනා.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ඒ නිසා අපට අවශ්‍ය වුනේ සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතිය තහවුරු කරන සුරක්ෂිත කරන රජයක් ලෙස ඒ ගමනට අවශ්‍ය අලුත් අධ්‍යාපන රටාවක් අධ්‍යාපන ක්‍රමයක් රටට හඳුන්වා දීම . ඒ වගකීම අපි රජයක් හැටියට බාර ගත්තා.

ඒ අනුව ගුරු  කේන්ද්‍රීය අධ්‍යාපනයක් වෙනුවට සත්‍ය ලෙසම ශිෂය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් දියත් කරන්න අපි අනිවාර්යයෙන්ම  කටයුතු කරනවා.

ක්‍රියාකාරකම් පාදක කරගනිමින් සතුටින් ඉගනීමේ අවස්ථාව දරුවාට හිමි කරන්න  තමයි අපි මේ උත්සාහ කරන්නෙ.

2026 වසරේ පළමු ශ්‍රේණියෙන් ආරම්භ වී 2030 වනවිට පස්වන ශ්‍රේණිය දක්වා ක්‍රමිකව මේ විෂය මාලා වෙනස්කම් සිද්ධ වෙනවා. එසේම 2027 වර්ෂයේ 6වන ශ්‍රේණිය විෂය මාලා වෙනස ඇති කරමින් නව මොඩියුල අධ්‍යාපන ක්‍රමය වසරින් වසර ඇති කිරීමට අප කටයුතු කරමින් ඉන්නේ.

2026 වර්ෂයේ ඔබ සියලු දෙනා දන්නා පරිදි අපි හය ශ්‍රේණිය සඳහා මෙම විෂය මාලා ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරගෙන හිටියත් අපි අවුරුද්දකින් කල් දැම්මා.  නමුත් ඒ හය වසරට මේ වර්ෂයේ එන්න නියමිතව හිටපු දරුවන්ටත් මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළට ගන්න අපි වැඩ කරමින් ඉන්නවා.  ඒ සඳහා අපි සැලසුමක් ඇති කරගන්නවා.

ඒ නිසා ඒ  දරුවනුත් අපි අත්හැරලා යන්නේ නෑ කියන එක මම මේ වෙලාවේ කියන්න ඕන. ආදරනීය දුවේ පුතේ. 1වැනි ශ්‍රේණියෙන් ඔබට අප තිලිණ කරන්නේ ඔබ අසමත් නොවන අධ්‍යාපන ක්‍රමයක්.

ඉගනුම් ක්‍රියාවලිය තුළ ගුරුවරුන් එක්ක ඇතිකරගන්න සම්බන්ධතාවය තමයි වැදගත්ම  දෙය. පවුලට පස්සේ ඊලඟට වැදගත්ම අත්දැකීම් වැදගත්ම  සම්බන්ධතා ඇති කරගන්නේ පාසල තුළ ගුරු භවතුන් එක්ක. ඒවා අතිශයින්ම වැදගත්  සම්බන්ධතා. මේ සම්බන්ධතා තුළ ගුරුවරුන්ට  වෘත්තීය බව  රැකගෙන ඉදිරියට යන්න පුලුවන් කියන විශ්වාසය අපට තියනවා.

ඒ වෘත්තීය බව රකින්නත්, ඔබේ හැකියාවන් දියුණු කරන්නත් මේ ප්‍රතිසංස්කරණ හරහාම ‍සිද්ධ වෙනවා.

අගමැතිවරිය පැවසුවාය.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ ගුරුවරුන් ශිෂ්‍යයින් සහ දෙමව්පියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාසල් සංවර්ධන නිලධාරීන් 4වන දිනයටත් මාරාන්තික උපවාසයේ… දෙදෙනෙක් දිවි පරදුවට තබමින් උපවාසය අඛන්ඩව කරගෙන යයි!

Next Post

කෝටි 22ක මත්ද්‍රව්‍ය සමග ගණේමුල්ල බොල්ලත දී කාන්තාවක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.