මේ වසරේ දී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 6වන ශ්‍රේණියට ක්‍රියාත්මක කරන්නට නොහැකි වුව ද එම දරුවන් ද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාමුව තුළට එක කරගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත්, එම දරුවන් සැලසුම් කළ ප්‍රතිසංස්කරණ රාමුවෙන් අත් හැර නොයන බවත් අද අධ්‍යාපන ඇමති අගමැතිනී ආචාර්ය හරිණී අමරසූරිය පැවසුවාය.
අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ 2026 පළමු ශ්‍රේණිය සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සහ විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීම පදනම් කරගෙන අතුරුගිරිය ගුණසේකර විද්‍යාලයේ දී පැවති ජාතික උත්සවය අමතමිනි.
ඇය එම සභාව අමතමින් කීවේ මෙසේය… “ දුවේ පුතේ… අද සිට පළවෙනි ශ්‍රේණියෙන් ඔබට අප තිලිණ කරන්නේ ඔබ අසමත් නොවන අධ්‍යාපන ක්‍රමයක්.”
අගමැතිනිය මෙසේ ද පැවසුවාය.
දශක ගණනාවක් තිස්සේ අපි හුරු වෙලා ඉන්නේ පොතේ පතේ දැනුමට මුල් තැන දෙන අතිශය තරගකාරී අධ්‍යාපන රටාවකට. මේ ක්‍රමය තුළින් බොහෝ දරුවන් අධ්‍යාපනයෙන් පිටමං වෙන එක අපට නවත්වා ගන්න අපට බැරි වුනා.
ඒ නිසා අපට අවශ්‍ය වුනේ සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතිය තහවුරු කරන සුරක්ෂිත කරන රජයක් ලෙස ඒ ගමනට අවශ්‍ය අලුත් අධ්‍යාපන රටාවක් අධ්‍යාපන ක්‍රමයක් රටට හඳුන්වා දීම . ඒ වගකීම අපි රජයක් හැටියට බාර ගත්තා.
ඒ අනුව ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනයක් වෙනුවට සත්‍ය ලෙසම ශිෂය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් දියත් කරන්න අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා.
ක්‍රියාකාරකම් පාදක කරගනිමින් සතුටින් ඉගනීමේ අවස්ථාව දරුවාට හිමි කරන්න තමයි අපි මේ උත්සාහ කරන්නෙ.
2026 වසරේ පළමු ශ්‍රේණියෙන් ආරම්භ වී 2030 වනවිට පස්වන ශ්‍රේණිය දක්වා ක්‍රමිකව මේ විෂය මාලා වෙනස්කම් සිද්ධ වෙනවා. එසේම 2027 වර්ෂයේ 6වන ශ්‍රේණිය විෂය මාලා වෙනස ඇති කරමින් නව මොඩියුල අධ්‍යාපන ක්‍රමය වසරින් වසර ඇති කිරීමට අප කටයුතු කරමින් ඉන්නේ.
2026 වර්ෂයේ ඔබ සියලු දෙනා දන්නා පරිදි අපි හය ශ්‍රේණිය සඳහා මෙම විෂය මාලා ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරගෙන හිටියත් අපි අවුරුද්දකින් කල් දැම්මා. නමුත් ඒ හය වසරට මේ වර්ෂයේ එන්න නියමිතව හිටපු දරුවන්ටත් මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළට ගන්න අපි වැඩ කරමින් ඉන්නවා. ඒ සඳහා අපි සැලසුමක් ඇති කරගන්නවා.
ඒ නිසා ඒ දරුවනුත් අපි අත්හැරලා යන්නේ නෑ කියන එක මම මේ වෙලාවේ කියන්න ඕන. ආදරනීය දුවේ පුතේ. 1වැනි ශ්‍රේණියෙන් ඔබට අප තිලිණ කරන්නේ ඔබ අසමත් නොවන අධ්‍යාපන ක්‍රමයක්.
ඉගනුම් ක්‍රියාවලිය තුළ ගුරුවරුන් එක්ක ඇතිකරගන්න සම්බන්ධතාවය තමයි වැදගත්ම දෙය. පවුලට පස්සේ ඊලඟට වැදගත්ම අත්දැකීම් වැදගත්ම සම්බන්ධතා ඇති කරගන්නේ පාසල තුළ ගුරු භවතුන් එක්ක. ඒවා අතිශයින්ම වැදගත් සම්බන්ධතා. මේ සම්බන්ධතා තුළ ගුරුවරුන්ට වෘත්තීය බව රැකගෙන ඉදිරියට යන්න පුලුවන් කියන විශ්වාසය අපට තියනවා.
ඒ වෘත්තීය බව රකින්නත්, ඔබේ හැකියාවන් දියුණු කරන්නත් මේ ප්‍රතිසංස්කරණ හරහාම සිද්ධ වෙනවා.
අගමැතිවරිය පැවසුවාය.
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ ගුරුවරුන් ශිෂ්‍යයින් සහ දෙමව්පියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.







