PT-6 ගුවන් යානා කඩා වැටීමෙන් මේ වන විට නියමුවන් හය දෙනෙකු මිය ගොස් ඇති බවත්, මෙම ගුවන් යානා නිශ්පාදනය කර ඇත්තේ වර්ෂ 1958 දී බවත් අද පාර්ලිමේන්තුවේ දී හෙළි කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මෙම ගුවන් යානා තවමත් පුහුණු කටයුතු සඳහා යොදා ගන්නේ මන්දැයි ප්‍රශ්න කර සිටියේය.
පුහුණු කටයුතු සඳහා භාවිතා කරන PT-6 ගුවන් යානා 1958 දී නිෂ්පාදනය කර ඇති බවත් ගුවන්යානාවල එන්ජින් 1961 දී නිෂ්පාදනය කර ඇති බව ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.
මෙම පැරණි ගුවන් යානා පුහුණු කටයුතු සඳහා යොදා ගැනීම අසාධාරණ සහ කනගාටුවට කරුණක් බව පැවසූ මන්ත්‍රීවරයා ඒවා පුහුණු කටයුතු සඳහා යොදා නොගෙන කෞතුකාගාරවල තබා ගත යුතු බවද කියා සිටියේය.
“කෆීර් ප්‍රහාරක ජෙට් යානාවල අලුත්වැඩියා කටයුතු සඳහා රජය ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක් වැය කර තියනවා. නමුත් PT-6 ගුවන් යානය සඳහා වැය කර ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 0.75ක් පමණි. මෙම අසාධාරණ හා කනගාටුදායක සිදුවීම්වල වගකීම භාරගන්නේ කවුද?” මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.
කෙසේ වෙතත් ඊයේ (08) චීන වරායේදී PT-6 ගුවන් යානයක් කඩා වැටී නියමුවෙකු සහ නිලධාරියෙකු සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ විශේෂ කමිටු වාර්තාව ලැබෙන තෙක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඔවුන්ගේ සියළුම PT-6 ගුවන් යානා සමූහයේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව නවත්වා තිබේ..
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් PT-6 පුහුණු ගුවන් යානය ඊයේ උදෑසන ගුවන්ගත වී මිනිත්තු දෙකකින් චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨය තුළදී කඩා වැටුනේය.







