සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ නින්දිත විනාශයට අනුබල දුන් කිසිම දේශපාලකයෙක් තව දුරටත් මහජන නියෝජිතයෙක් නොවේ…

සාමකාමී අරගලයට කළ   සාහසික අපරාධය කළ උන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න... මහා නායක හිමිවරු ඉල්ලති...

by editor
මැයි 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පටු දේශපාලන අරමුණු පෙරදැරි කර ගනිමින් සමාකාමී අරගලකරුවන්ට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයන් තරයේ හෙළා දකින බව ත්‍රෛනිකායික මහනායක හිමිවරු ප්‍රකාශ කර සිටිති.

මල්වතු පාර්ශයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල,අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන,ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ මහනායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි,ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහනායක අතිපූජ්‍ය මකුලෑවේ විමල යන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා සිය අත්සනින් යුතුව ජනපති, අගමැති, විපක්ෂනායක හා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරු මේ බව අවධාරණය කරති.

එහි මෙසේද සඳහන් වෙයි.

රට තුළ උද්ගතව ඇති සමාජ, දේශපාලන හා ආර්ථික අර්බුදයන්ට විසඳුම් ඉල්ලා සාමකාමි අරගලයක නිරත වු මහජනතාව වෙත එල්ල කළ සහාසික ප්‍රහාරයන් ප්‍රජාතන්ත්‍රවාදයට මෙන්ම මනුෂ්‍යත්වයට ද  නිගා දෙන්නකි.

ඍජුව හා වක්‍රව මෙම නින්දිත ක්‍රියා මාර්ගය සඳහා අනුබල දුන් දේශපාලන නාකයින්ට ජනතා පරමාධිපත්‍යය නියෝජනය කරන මහජන නියෝජිතයන් ලෙස රැඳී සිටීමට තවදුරටත් සදාචාරාත්මක අයිතියක් නැති බව අපි තරයේ විශ්වාස කරමු.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

රටේ සමස්ත මහජනයාගේ ජීවිත, දේපොළ මෙන් ම නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ද ආරක්ෂා කිරීමට රාජ්‍ය පාලකයා ව්‍යවස්ථාවෙන් බැඳී සිටියි. බලලෝභී අවිචාරවත් දේශපාලන න්‍යාය පත්‍රයන් පෙරදැරි කරගෙන සිදුකළ මෙම ප්‍රහාරයන්ට සම්බන්ධ සියලු වගකිවයුත්තන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු අදාළ ආයතන කටයුතු කළ යුතු ය.

තව ද රටේ ඇතිවුණු දේශපාලන, සමාජ, ආර්ථික අර්බුද නිසා මීට පෙර අප විසින් හා විවිධ පාර්ශවයන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා කෙරෙහි කඩිනම්ව අවධානය යොමු නොකිරීම නිසා මෙබඳු ප්‍රතිවිපාක දක්නට ලැබෙන බව සිහිපත් කර සිටිමු.

මෙම තීරණාත්මක අවස්ථාව තුළ විමසිලිමත්ව සබුද්ධිමත්ව හා ඉවසිලිමත්ව කටයුතු කර අර්බුදකාරී තත්ත්වයන් විසඳා ගැනීමට කටයුතු කරන ලෙස සියලු වගකිව යුතු පාර්ශ්වයන්ට හා රට වැසියන් සියලු දෙනා වෙත මෙයින් සිහිපත් කර සිටිමු.

එම ප්‍රකාශය පහත දැක්වේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ප්‍රසන්නගේ ගෙදරත් අලුගොඩක්!

Next Post

“මැර මන්ත්‍රී අල්ලන්නැයි ඉල්ලා ජනතාව මහනුවර පොලිසිය වටලති

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.