සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“මේ දුම්රිය රියදුරන්ගේ මානසිකත්වය හිතා ගන්න බෑ…” ප්‍රවාහන අපහසුවට පත් සාපෙළ දරුවන්ගෙන් බිමල් සමාව ඉල්ලයි….

by editor
පෙබරවාරි 18, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

සාමාන්‍ය පෙළ දරුවන් බිල්ලට තබා ඊයේ  (17) දිනයේ දී දුම්රිය වැඩ වර්ජනයක් කිරීමට සූදානම් වූ පිරිසක් තමන්ගේ  අමාත්‍යාංශය යටතේ සේවය කරනු ඇතැයි තමන් කිසිසේත්ම කල්පනා නොකළ බවත්  මේ දැනුම ලබා දීම ගැන ඔවුන්ට ස්තුතිවන්ත වන අතරම යම් අපහසුතාවයකට පත් වූවා නම්  සාමාන්‍ය පෙළ දරුවන්ගෙන් සහ ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් සමාව ඉල්ලා සිටින බවත් ප්‍රවාහන හා මහාමාර්ග ඇමති බිමල් රත්නායක අද (18) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ ත්‍රිවිධ හමුදාවෙන් තෝරාගත් 20 දෙනෙක් සඳහා දුම්රිය රියදුරු පුහුණුව ලබා දීමට එරෙහිව දුම්රිය රියදුරන් ඊයේ දියත් කිරීමට උත්සාහ කළ දුම්රිය වර්ජනය සම්බන්ධව පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි.

දුම්රිය එන්ජින් රියදුරන් ලෙස හමුදාවේ විසි දෙනෙකු පුහුණු කිරීමට ගත් තීන්දුව සාමාන්‍ය පෙළ විභාගයට ලියන දරුවන් ගැන කල්පනා කර  තාවකාලිකව අත් හිටවූ බව කී ඇමතිවරයා විශේෂඥ වෛද්‍යවරුන්, ගනකාධිකාරීවරුන්,  ඉංජිනේරුවන්, ඇතුළු වෘත්තිකයින් ඇතුළු සියලු නිපුණතා සහිත කණ්ඩායම්වලින්  හමුදාව සකස් වන්නේ යුද කටයුතු සඳහා පමණක් නොව,  ජාතික අවශ්‍යතාවයක දී හදිසි මහජන සේවා සැපයීමේ අභිලාෂයෙන් බව කී ඇමතිවරයා  ඒ  සඳහා දුම්රිය රියදුරන් 20 දෙනෙකු පුහුණු කර හමුදා සේවයේ තබා ගැනීමේ වරද කුමක් දැයි ප්‍රශ්න කළේය.

ඇමතිවරයා  යළි යළිත් කීවේ දරුවන්ගේ ජීවිත බිල්ලට දී සිය වෘත්තීය අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමට සූදානම්වන මෙවැනි කණ්ඩායමක් තමන්ගේ අමාත්‍යාංශය  යටතේ සිටීම සම්බන්ධව තමන් පුදුමයට පත් පමණක් නොව අතිශයින්ම කණගාටුවට පත්වන බවය.

දිට්වා සුළි කුණාටුවෙන් පසු  දුම්රිය දෙපාර්තමේන්තුවට  වසර ගණනාවකින්වත්  ඉටු කරග නොහැකිව තිබූ දුම්රිය පාලම්, දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කෙරුණේ, දුම්රිය දෙපාර්තමේන්තුවේ හුදකලා වෑයමකින් පමණක් නොව  ත්‍රිවිධ  හමුදාවේ ශ්‍රම බලය, ඉංජිනේරු හා තාක්ෂණික දැනුම ද සහිතව බව කී ඇමතිවරයා  දුම්රිය සේවයේ අනෙක් සියලුම අංශ සඳහා ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගත හැකි නම් හදිසි අවශ්‍යතාවයක් සඳහා දුම්රිය රියදුරන් 20ක් ලෙස හමුදා කණ්ඩායමක් පුහුණු කර තැබීමේ ගැටලුව කුමක් දැයි ප්‍රශ්න කළේය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ඇමතිවරයා මෙසේ ද කීවේය.

“දවසකට දුම්රිය සේවාවන් 280ක් කරනවා. හමුදාවේ නිලධාරීන් 20ක් පුහුණු රකගත්තා කියලා මොකක්ද කරන්න පුලුවන් දුම්රිය සේවයට. දුම්රිය සේවයට ඒකෙන්  කිසිම බලපෑමක් කරන්න බෑ .

“එහෙම තියෙද්දි තමයි මේ ස්ට්‍රයික් එකක් ඊයෙ කෝල් කළේ. අන්තිම කණගාටු වෙනවා ඒ විදිහට කටයුතු කිරීම පිළිබඳව. හමුදාවේ කට්ටිය පුහුණු කරගැනීම සිදුවන්නේ  හදිසි තත්ත්වයක දී අවශ්‍ය වුවොත් යොදා ගන්න. අපට කිසිසේත්ම වෘත්තිය සමිති අරගල කුඩුපට්ටම් කරන්න ත්‍රිවිධ හමුදාව යොදාගන්න ඕන නෑ. “

“අපි ආපු මේ මාස 14 ට දවස් කීපයක් කිසිම වෘත්තීය අරගලකරුවෙක් නොකරන විදිහට දුම්රිය සේවා ඔවුන් නැවැත්තුවා.   කුරුණෑගල කොටුව යන 141 දුම්රිය නැවැත්තුවා එකවරම. හේතුව  දුම්රිය රියදුරුගෙ   බෑග් එක සේවකයෙක් විසින් ගෙනත් දුන්නේ නෑ කියලා. එදා අපි හමුදාව යොදවන්න හිතුවෙ නෑ.”

“2025 මැයි 11 වැනිදා ස්ථාන මාරුවක් දුන්නා කියලා කීප දෙනෙකුට සේවයට වාර්තා නොකර හිටියා මුලු දුම්රිය ධාවනයම අවලංගු වෙන විදිහට.  මේ අය එහෙම දුම්රිය ධාවනය නවත්වනකොට අපට හමුදා කට්ටියක් ගැන මතක් වුනේ නෑ.”

“දුම්රිය එන්ජින් රියදුරන්ගේ පැත්තෙන් ගත්තොත් මීට කලින් ස්ට්‍රයික් කරලා තියනවා. අපි එන්න කලිනුත් හවස හතරට දුම්රිය නවත්වලා තියනවා. ඒ අවස්ථාවෙදිත් අපි හමුදාවක් ගැන හිතුවේ නෑ. ඒ සමහර වැඩ වර්ජන අන්තිම අසාධාරණයි. එක් අවස්ථාවක මඩකලපු දුම්රිය නරත කළා ටිකට් ගත්ත මිනිස්සු 130ක් දුම්රියෙන් බස්සලා. හේතුව ඔවුන්ට රෙස්ට් රූම් නෑ කියලා.”

“ඒ කිසිම අවස්ථාවක ත්‍රිවිධ හමුදාව යොදා ගන්න අවශ්‍ය වුනේ නෑ. ඒ නිසා මේ වෙලාවෙදි අපිට කොහොමත්ම අවශ්‍යතාවයක් නෑ. හැබැයි අපි දැනගත්ත දේ තමයි ත්‍රිවිධ හමුදාව මේ තරම් දුම්රිය සේවයට, මේ තරම් මහා මාර්ග ප්‍රතිසංස්කරණයට උදවු කරලා තිබිය දී දුම්රිය රියදුරන්ගේ මේ හැසිරීම.    හමුදාවට හෝ වෙන කවුරුන්ට හෝ දුම්රිය රියදුරු පුහුණුව කළත් ඔච්චරයි. දුම්රිය රියදුරන් ඉන්නේ ස්ට්‍රයික් කරන්න විතරයි ද?.”

“අපි කරුණාවෙන් කියන්න කැමතියි අපි කවදාවත් හිතුවෙ නෑ. සාමාන්‍යපෙළ දරුවන් බිල්ලට ගන්න මට්ටමට මේ පිරිස යාවි කියලා. මම කවදාවත් බලාපොරොත්තු වුනේ නෑ. ඒ තත්ත්වය.”

“අපි මේ රටේ පාලනයට එනකම් අවුරුදු 07කින් දුම්රිය රියදුරන් අරන් නෑ. අපි තමයි දැන් 190ක් අරන් තියෙන්නේ. දැන් පුහුණු කරන්නත් අරන්. ඔය ස්ටේෂන් මාස්ටර්ලා අපි ආවට පස්සේ තමයි අරන් තිනේනේ අවුරුදු හත අටකට පස්සේ.”

“ ඒ නිසා ජනාධිපති තුමාගේ මගපෙන්වීමත් එක්ක අපි රාජ්‍ය සේවයේ සෑම අංශයක්ම දියුණු කරනවා. ජනවාරි පඩිය අරන් මේ ස්ට්‍රයික් කරන්නේ. අපි වෘත්තීය සමිතිවලට උගන්නලා තියනවා ජනතාව වෙනුවෙන් සටන් කරන්න. “

“  මේ දුම්රිය නිලධාරී මහත්වරුන්ගේ දරුවොත් ඕලෙවල්වලට යනවා. ඒ ගොල්ලන් යම් කිසි වැටුපක් ලබන පිරිසක් අනෙක් අයට සාපේක්ෂව. ඒ නිසා අපි ඒ ගොල්ලන්ට කියන්න කැමතියි… ඕලෙවල් දරුවන් බිලි ගන්න තරම් දුරට ඔබතුමාල යන්න ලෑස්තියි  කියන එක දැනගන්න ලැබීම අතිශයින්ම කණගාටුදාකයකයි.  නමුත් ඒ දැනුම ලබා දුන්නට ස්තුතියි.

ඒ නිසා අපි ත්‍රිවිධ හමුදාවේ පුහුණුව ගැන කාරණයේ දී දරුවන් ගැන හිතලා   වෙනස් කරගත්තා. නමුත් අපි හිතනවා මේ රටේ කිසිම කෙනෙකුට ත්‍රිවිධ හමුදාව ලබන විශේෂ නිපුණත්වයකට විරුද්ධ වෙන්න බෑ කියලා.  , විශේෂඥ වෛද්‍යරු, ඉංජිනේරුවො, මිනින්දෝරුවො,  ගණකාධිකාරීවරු, ඇතුළු විවිධ වෘත්තීය නිපුණත්වයක් සහිත පිරිස්  ත්‍රිවිධ හමුදාවක් සතුව ඉන්නවා.  ලෝකයේ ඒ ස්වරූපයෙන් අපට වෙන්න බෑ.”

“ ඔය දුම්රිය රියදුරු මහත්වරු සමහර වෙලාවට එන්නෙත් හමුදාවෙන් හදපු පාලම් උඩින්. හමුදාවෙන් හදපු පාරවල්වල. ඒ හමුදාව තමන්ගේ වෘත්තියට අභියෝගයක් ලෙස සිතීමේ මනස අපට හඳුනා ගන්න බෑ. “

“ඇත්තටම ගත්තොත් සාමාන්‍යපෙළ දරුවන්ගෙන්  සමාව ඉල්ලනවා අපේ රටේ එහෙම නිලධාරීන් පිරිසක් ඉඳීම ගැන. “

“මම හිතුවෙ නෑ සාමාන්‍යපෙළ දරුවන්ගේ විභාගය  බිල්ලට තියලා,  ත්‍රිවිධ හමුදාවේ විසි දෙනෙකුට  පුහුණුව දෙන එකට  ඕනෑම  බිල්ලක් ගන්න  පුලුවන් කට්ට්යක් අපේ අමාත්‍යාංශය යටතේ ඉන්නවා කියන එක.  සාමාණ්‍ය  පෙළ දරුවන්ගෙන් සහ දෙමව්පියන්ගෙන් සමාව ඉල්ලනවා ඊයේ පැය දෙක තුනකට හරි ඇතිවුන කලබලය ගැන.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මතීෂ පතිරණ විස්සයි-20 ලෝක කුසලානයෙන් ඉවතට: ශ්‍රී ලංකා කඳවුරට දැඩි බලපෑමක්!

Next Post

කන්ටේනර් 323 ගැන සෙවීමට පත් කළ පාර්ලිමේන්තු කාරක සභාවෙන් ඉල්ලා අස්වුන හේතුව වරාය ඇමති පාර්ලමේන්තුවට කියයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.