සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මතීෂ පතිරණ විස්සයි-20 ලෝක කුසලානයෙන් ඉවතට: ශ්‍රී ලංකා කඳවුරට දැඩි බලපෑමක්!

by editor
පෙබරවාරි 18, 2026
in පුවත්
Matheesha
Share on FacebookShare on Twitter

2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ මීළඟ වටයට සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින්, වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ආබාධයක් හේතුවෙන් තරගාවලියේ ඉතිරි තරගවලින් ඉවත් වී තිබේ.

පෙරේදා (16)  ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති තීරණාත්මක තරගයේදී සිය පළමු පන්දු වාරයේ සිව්වන පන්දුව යොමු කිරීමෙන් අනතුරුව මතීෂ පතිරණ මෙම ආබාධයට මුහුණ දුන්නේය.

ආබාධයේ ස්වභාවය වන්නේ  වම් පාදයේ වළලුකර ආසන්න මාංශ පේශිවල (left calf) ඇති වූ ආබාධයක් ලෙස මෙය මුලින් හඳුනාගෙන තබිණි. එය ‘හැම්ස්ට්‍රින්’ (Hamstring) ආබාධයක් විය හැකි බවටද සැක කෙරේ.

‘හැම්ස්ට්‍රින්’ (Hamstring) ආබාධයක් යනු කලවා ප්‍රදේශයේ පිටුපස පිහිටා ඇති ප්‍රධාන මාංශ පේශි තුනක එකතුව අධික ලෙස ඇදීයාම හෝ ඉරීයාම නිසා සිදුවන තත්ත්වයකි. මෙය සාමාන්‍යයෙන් සිදුවන්නේ ධාවනයේදී හෝ පන්දු යැවීමේදී මෙන් ඉතා වේගයෙන් දිවීම හෝ හදිසියේ දිශාව වෙනස් කිරීම වැනි දැඩි ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදෙන විට එම මාංශ පේශිවලට දරාගත නොහැකි පීඩනයක් එල්ල වීමෙනි. මෙවැනි ආබාධයක් ඇති වූ විට දැඩි වේදනාවක්, ඉදිමීමක් සහ පාදය චලනය කිරීමේ අපහසුතාවක් ඇති වන අතර, ක්‍රීඩකයෙකුට නැවත පිටියට පිවිසීමට සති කිහිපයක සිට මාස කිහිපයක් දක්වා කාලයක් විවේක ගැනීමට සහ භෞතචිකිත්සක ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ.

ඊයේ (පෙබරවාරි 17)  සිදු කරන ලද ස්කෑන් පරීක්ෂණවලින් අනතුරුව, ඔහුට තවදුරටත් තරගාවලියට සහභාගී විය නොහැකි බව වෛද්‍යවරුන් තහවුරු කර ඇත.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

මතීෂ පතිරණ වෙනුවට වමත් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක සංචිතයට කැඳවීමට වැඩි ඉඩක් පවතින බව වාර්තා වේ. කෙසේ වෙතත්, මේ සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) තාක්ෂණික කමිටුවේ නිල අනුමැතිය මෙතෙක් හිමිවී නොමැත.

කණ්ඩායමට එල්ල වූ බලපෑම

මෙම තරගාවලිය තුළ ශ්‍රී ලංකා ප්‍රබල ක්‍රීඩකයින් ආබාධවලට ලක්වූ තෙවන අවස්ථාව මෙයයි:  වනිඳු හසරංග  හැම්ස්ට්‍රින් ආබාධයක් හේතුවෙන් සංචිතයෙන් ඉවත් විය. ආදේශක ක්‍රීඩකයා ලෙස දුෂාන් හේමන්ත නම් කෙරිනි.

එෂාන් මාලිංග උරහිසේ ආබාධයක් හේතුවෙන් තරගාවලිය ආරම්භයට පෙරදීම සංචිතයෙන්  ඉවත් විය. ආදේශක ක්‍රීඩකයා වූයේ  ප්‍රමෝද් මධුෂාන්ය.  දැන් අලුත්ම ගැටලුව මතීෂ පතිරණය.

කෙසේ වෙතත් මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 08 දෙනාගේ වටයට පැමිණ තිබේ.  කණ්ඩායමේ  විශිෂ්ට ක්‍රීඩකයින් තිදෙනෙක්  ආබාධ මැද   තරග නොකරන පසුබිමක ලබා ගත් මේ ජයග්‍රහණය විශිෂ්ඨ එකකි. පැතුම් නිස්සංක වාර්තා කළ අලංකාර ශතකය මෙම ජයග්‍රහණයේ ප්‍රධානතම සාධකය විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මේ දැරිය දූෂණය කර මරා දමා අවුරුදු 10යි… තවමත් ඉටු නොවුන යුක්තිය ඉල්ලමින් අපරාධයට වසර 10 පිරෙන දින වින්දිත දෙමව්පියෝ ජනපතිට ලියති!

Next Post

“මේ දුම්රිය රියදුරන්ගේ මානසිකත්වය හිතා ගන්න බෑ…” ප්‍රවාහන අපහසුවට පත් සාපෙළ දරුවන්ගෙන් බිමල් සමාව ඉල්ලයි….

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.