සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“මෙරට රාජ්‍ය ආයතනවලින් 2/3ක පාලනය ඇත්තේ රාජපක්ෂ පවුලට යටතේ”

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර කියයි

by Lanka Sara Editor
අගෝස්තු 21, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මෙරට රාජ්‍ය ආයතනවලින් තුනෙන් දෙකකම පාලනය රාජපක්ෂ පවුල යටතට පවරාගෙන ඇතැයි සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

“ජනතාව තුනෙන් දෙකක බලයක් දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න නේ. දැන් මේ තුනෙන් දෙකේ බලය මොනාටද පාවිච්චි කරලා තියෙන්නේ. මේ ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය අරන් තියෙන්නේ එක පවුලක්. රාජපක්ෂ පවුල.

දැන් මේ බලන්න කැබිනට් මණ්ඩලය පත් කරලා තියෙනවා. කැබිනට් මණ්ඩලයේ ආරක්ෂක ඇමති ජනාධිපති. ආයතන 45ක් එතුමගේ යටතේ තිබෙනවා. යුද හමුදාව නාවික හමුදාව ගුවන් හමුදාව ආදි එය ආයතන 16ට අමතරව විදුලි සංදේශන නියාමන, ආයෝජන මණ්ඩලය, කොළඹ වරාය නාගරික ව්‍යාපෘතිය, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ආදී මේ සියල්ල එතුමා ළඟ. ඒ වගේම සියලුම දිස්ත්‍රික් කාර්යාලත්. මේ රටේ ඉතිහාසයේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තිබුණේ ස්වදේශ කටයුතු අමාත්‍යංශය යටතේ. අද ඒකත් ජනාධිපතිතුමා යටතට. ආගමන විගමන, ආපදා කළමනාකරණ මේ සියල්ල ජනාධිපතිතුමාට යටතේ. එතුමා ළඟ විතරක් ආයතන 45 ක්.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඊළඟට අගමැතිතුමා යටතේ තියෙනවා ආයතන 72 විතර. භාණ්ඩාගාරයේ ආයතන සියල්ලම, රාජ්‍ය ආදායම් කළමනාකරණ, රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු, ලොතරැයි මණ්ඩලය, තක්සේරු දෙපාර්තමේන්තුව, ආනයන අපනයන. තේ ශක්ති ආයතනය කලින් තිබුණේ වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ. ඒකත් අද අරන් තියනවා අගමැතිතුමා යටතට. රාජ්‍ය සේවා විශ්‍රාමික භාරකාර අරමුදල, බුද්ධශාසන අරමුදල, තුරුසවිය අරමුදල, මධ්‍යම සංස්කෘතික අරමුදල මේ සියල්ල අගමැතිවරයාට යටතට පවරාගෙන තිබෙනවා.

ඊට අමතරව තව ඇමතිකමක් තිබෙනවා මොකක්ද මේ ඇමැතිකම? බුද්ධ ශාසන ඇමැතිකම. මේ ගැටලු සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුව, චිත්‍රපට සංස්ථාව ඇතුළු මේ සේරම අරගෙන තියෙනවා අගමැති යටතට. මං අහන්නේ මේක ඒකාධිපති පාලනයක් නෙවෙයිද?

ඊට පස්සෙ ආපහු තියෙනවා නාගරික සංවර්ධන අධිකාරිය නිවාස අමාත්‍යාංශයේ. ඒකත් අගමැතිතුමාට යටතට. ආයතන හැත්තෑ ගානක්. මං අහන්නේ මේක නෙවෙයිද ඒකාධිපතිවාදය.

මේ පවුලට විතරක් රටේ ආයතනවලින් තුනෙන් දෙකක් ගිහින් තියෙනවා.

චමල් රාජපක්ෂ මහත්තයාට ආයතන 5යි. නාමල් රාජපක්ෂ මහත්තයට ආයතන 12 යි. ශෂීන්ද්‍ර රාජපක්ෂ මහත්තයට ආයතන 7යි. මේක තමයි තුනෙන් දෙක මේකට ද මේ රටේ ජනතාව ඡන්දය දුන්නේ?” යැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

භික්ෂූන් වහන්සේ පාර්ලිමේන්තු අසුනකට අරගල කිරීම ගැන මහානායක හිමිවරු වගකිව යුතුයි

Next Post

පාස්කු විමර්ශන ඒකකයට එන්න රනිල් කල් ඉල්ලයි – සාගල එයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.