නීතිවිරෝධී ලෙස අලි පැටවෙකු සන්තකයේ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවෙන් හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නිදොස් කොට නිදහස් කර තිබේ.
තිලිණ ගමගේ මෙම නඩුවට අදාළව ගොනුකර ඇති සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.
නඩුවට අදාළව හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ, චන්ද්‍රරත්න බණ්ඩාර යටවර සහ වනජීවී නිලධාරීන් වන උපාලි පද්මසිරි සහ ප්‍රියංකා සංජීවනී යන සැකකරුවන් සිව්දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබුණි.
බලපත්‍රයක් නොමැතිව අලි පැටවෙකු සන්තකයේ තබා ගැනීම, ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමට කුමන්ත්‍රණය කිරීම, ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර අදාළ අලි පැටවා ලියාපදිංචි කිරීම ඇතුළු චෝදනා 25ක් යටතේ තිලිණ ගමගේට අධිචෝදනා ගොනු කර තිබිණි.
2016 වසරේ මෙම නඩුවේ විත්තිකරුවෙකු ලෙස නම් කිරීමත් සමඟ හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේගේ වැඩ තහනම් කෙරුණා.







