බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

මෙතෙක් රටේ සිදුවූ බිහිසුණුම පුරාවස්තු කොල්ලය වාර්තා වෙයි …

by editor
පෙබරවාරි 12, 2022
in කලා, පුවත්
Share on FacebookShare on Twitter
  • රන් කරඬු 07යි… පළිඟු කරඬු 03යි… දාගැබේ පැරණිම අනුරුව ගැන කී ලෝකයේ ඇති එකම කරඬුවත් ඒ අතර…

මිහිදු හිමියන්ගේ අනුශාසනා සහිතව දේවනපෑතිස් රජ දවස කළ  රඹුක්කන   දැලිවල කොටවෙහෙරේ ගර්භයෙන් හමුවූ ලෝකයේ දුර්ලභම පුරාවස්තු සේ  සැලකෙන පෞරාණික රන් කරඬු හතක් සහ පළිඟු කරඬු තුනක් නිධන් කොල්ලකරුවන් විසින්  ඊයේ (11) රාත්‍රියේ පැහැරගෙන ගොස් තිබේ.

පැහැරගත් කරඬු අතර ලෝක ස්ථූප වංශ කථාව සාධනය කරන ලෝකයේ හොඳන්ම ආරක්ෂා වී ඇති අතිශය පෞරාණික දාගැබ් අනුරුව සේ සැලකෙන රන්මුවා කරඬුව ද තිබෙන බව වාර්තා වේ. එම කරඬුවේ පෞරණික දාගැබක ස්වරූපය ප්‍රකට වූ බවත්, ගර්භයේ සිට ඉහළට එන යූපය, යූපයට ගෞරවයක් ලෙස චත්‍ර නැන්වීම සඳහා පසෙකින් සවිකළ චත්‍ර දණ්ඩ, හතරැස් කොටුවේ මුල් අවස්ථාව වන දඬු වැටකින් යූපය චත්‍ර දණ්ඩ හා චත්‍රය වටකළ මේධිය, හා මේධිය සිවු කොන්නි කොඩි නන්වා ඇති ආකාරය සහිත මෙම කරඬුව ලෝකයේ ඒ ආකාරයෙන් ආරක්ෂා වී තිබුණු එකම දාගැබ් අනුරුව විය.

දෙවන පෑතිස් රජ සමයේ ඉදිවූ මෙම දාගබ කිසිම ආකාරයක ප්‍රතිසංස්කරණයකට ලක් නොවූ ලංකාවේ ඇති එකම පෞරාණික දාගැබ්වහන්සේ ය. එබැවින් මෙම දාගැබේ නිධන් කර තිබූ කරඬු අතිශයින්ම වැදගත් වන්නේ එම නිර්මිතයන් මිහිඳු මාහිමියන්ගේ උපදෙස් මත දෙවනෑපිතිස් රජ දවස ලංකාවේ සිටි වාස්තු ශිල්පීන් විසින් ඉදිකළබව ඓතිහාසික දතත් මගින් තහවුරු වී තිබීම හේතුවෙනි.

මෙම පෞරාණික කරඬු ලෝක දාගැබ් වංසකතාවට අතිශයින්ම වැදගත් වූයේ දාගැබක පරිණාමය පිළිබඳ දැක්විය හැකි වූ ජීවමාන සාධක මෙම කරඬු වලින් ප්‍රකාශිත වීම නිසාය.   මේ කරඬු නිර්මාණය වී තිබුණේ මිහිඳු මාහිමියන් ජීවමානව වැඩ සිටි වකවානුවේ  තත්කාලීන   දාගැබ්වල අනුරූ ලෙසිනි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

සොරාගෙන ඇති අතිශය වැදගත් කරඬු අතර එම වකවානුවේ ලෝක ස්ථූප නිර්මාණ ප්‍රවණතාවයක් වූ දඹදිව සාංචි ස්ථූපයේ  හැඩය ගත්  පෞරාණික කරඬුවද වන බව   පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනාරල් මහාචාර්ය අනුර මනතුංග ලංකාසරට පැවසීය.

සාංචි ස්ථූපයට සමාන හැඩයක් සහිත කරඬු දැනට ලංකාවෙන් හමුවී ඇත්තේ තුනකි. ඒ රුවන්වැලි මහ සෑයෙන්, මිහිදු මහ සෑයෙන් හා දැලිවල කොටවෙහෙරින් හමුවූ රන් කරඬුය. මෙම කරඬු තුනෙන් සාංචි ස්ථූපයේ හැඩයට වඩාත් සමීප වන්නේ දැලිවල කොටවෙහෙරෙන් ලද දඹරන් කරඬුවය.

කෙසේ වෙතත් වසර දෙදහසකට වඩා පැරණි සේද රෙදි කඩකින් ඔතා දාගැබ් ගර්භයේ තැන්පත් කර තිබියදී සොයා ගත් රන් කරඬුව පැහැරගෙන නැති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

දැලිවල කොටවෙහෙරින් හමුවූ මේ අතිශය පෞරාණික මෙන්ම බෞද්ධ ඉතිහාසයේ සාතිශය දුර්ලභ     දඹරන් කරඬු හා කෞතුක භාණ්ඩ සහිත පුරාවස්තු සමූහය විහාර භූමියෙන් ඉවත් කරගෙන කෞතුකාගාරයක තැන්පත් කිරීමට  එම විහාරාධිපති හිමියන් ඉඩ දී තිබුණේ නැත. එබැවින් එම කරඬු පැවතියේ විහරස්ථාන භූමියේ කුටියකය.

අද උදෑසන විහාරාධිපති හිමියන් බුද්ධ පූජාව තබන්නට එන විට මෙම කොල්ලය ගැන දැනගන්නට ලැබී පුරාවිද්‍යා දෙපාරත්මේන්තුව සහ පොලිසිය දැනුම්වත් කර තිබේ. පොලිස් පරීක්ෂණ පවත්වාගෙන යන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

උසාවි නියෝගය ආ නිසා රජයේ හෙද නිලධාරීන් වර්ජනයෙන් ඉවත් වෙයි!

Next Post

හදිසි විදුලි බිඳවැටීමක් විය හැකියි – PUCSL

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.