කීර්ති ප්‍රනාන්දු –
මෙක්සිකෝවේ සිට ගුවන් මගින් මාතර ප්‍රදේශයේ පුද්ගලයකු හට කුරියර් පාර්සලයක් තුළ ඒවා තිබූ රුපියල් මිලියන 13 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 650ක් කටුනායක ගුවන් තොටුපලේ ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි .
එහිදී මෙම මත්ද්‍රව්‍ය පාර්සලය රැගෙන යාමට පැමිණ සිටි මාතර ප්‍රදේශයේ පුද්ගලයෙකුවද රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත .
ඉතා සූක්ෂම අයුරින් ගමන් බෑගයක් තුළ මෙම මත්ද්‍රව්‍ය සඟවා තිබූ බවත් රේගු මත්ද්‍රව්‍ය අංශයේ නිලධාරීන් හට මෙම ගමන් බෑග් ඒ පිළිබඳව ඇතිවූ සැකය මතය එය පරික්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය ඒ තුළ සඟවා තිබියදී සොයාගැනීමට හැකිවූ බවත් රේගුව කියා සිටී .
අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත බාරදුන් බවද රේගුව පවසයි .









