හිටපු අමාත්‍ය දයා ගමගේ ට අයත් බව කියන ආයතන තුනක් ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය තීන්දු කර තිබේ.
දයා ගෲප් ලිමිටඩ්, දයා ඇපරල් එක්ස්පෝටර් (ප්‍රයිවට්) ලිමිටඩ්, ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතන මෙලෙස වෙන්දේසි කිරීමට තීන්දු කර තිබෙන්නේ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමට අයවිය යුතු දස කෝටි හතලිස් දෙලක්ෂ විසි නව දහස් තුන්සිය හතලිස් දෙකක (10, 42, 29,342) ක මුදලක් අයකර ගැනීමේ අරමුණෙනි.
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමට අය විය යුතු දස කෝටි අසූ තුන් ලක්ෂ නවදහස් තුනිසය හතලිස් දෙකක (10,83,09,342) මුදලින් රුපියල් හතලිස් ලක්ෂ අසූ දහසක (40,80,000) පමණ මුදලක් වගඋත්තරකරුවන් විසින් ගෙවා ඇති බැවින් ඉතිරි මුදල අය කරගැනීමේ අරමුණින් 2022 වසරේ නොවැම්බර් මස 10 වනදා ලබා දුන් නඩු තීන්දුව අනුව මෙලෙස වෙන්දේසි කිරීමට නියමිතය.
කොළඹ වාණිජ මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්, නියෝජ්‍ය පිස්කල් විසින් සඳහන් කර ඇත්තේ ජූලි මස 2 දා උදෑසන 10ට මෙම වෙන්දේසිය සිදුකරන බවය.







