සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුළු උතුරම යට වෙයි…

by editor
නොවැම්බර් 27, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උතුරේ පවුල් 15427 කට අයත් පුද්ගලයින් 48577ක්  අද 27 දා උදෑසන වන විට විපතට පත්ව සිටින බව ආපදා කලමනාකරණ  මධ්‍යස්ථාන නිලධාරීන් විසින් නිකුත් කළ වාර්තා වල සඳහන් වේ.

මේ වැසියන් එම පළාත්වල තාවකාලික සුබ සාධන මධ්‍යස්ථාන 1569 ක රඳවා සිටින අතර වැඩි පිරිසක් ඔවුන්ගේ ඥාතීන්ගේ නිවාසවලට ගොස් සිටිති.

යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 2,040ක සාමාජිකයින් 7,436ක් විපතට පත්ව ඇති අතර කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පවුල් 536ක සාමාජිකයින් 1861 දෙනෙකු පීඩාවට පත්ව සිටියි.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 135කට අයත් පුද්ගලයින් 442ක් විපතට පත්ව ඇති අතර මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 12,629කට අයත් පුද්ගලයින් 43,910ක් පීඩාවට පත්ව සිටියි. 

අඩුම පිරිසක් විපතට පත්ව ඇත්තේ වවුනියව දිස්ත්‍රික්කයේය. එම පිරිස පවුල් 87 කට අයත්  පුද්ගලයින් 324 කි.

යාපනයේ නිවාස 8 කට සම්පූර්ණ හානි සිදුව ඇති අතර තවත් නිවාස 32 කට අර්ධ හානි සිදුව ඇත.

කිළිනොච්චියේ නිවාස දෙකක්ද මුලතිව් නිවාස හතරක්ද සම්පූර්ණයෙන්ම හානි වී අති අතර අර්ධ හානි වශයෙන් එම පළාත් දෙකේ නිවාස 17 ක් වාර්තා වී තිබේ.

මන්නාරමේ නිවාස  අටක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් නිවාස 11 කට අර්ධ හානි සිදුව ඇත. 

මන්නාරමේ හා මුලතිව් ප්‍රදේශයේ ධීවර පැල්පත් 800 ක් පමණ සුළගට කැඩී විනාශ වී ගොස් ඇති අතර බෝට්ටු හයක් මුහුදට ගසා ගෙන ගොස් තිබේ.

උතුරේ විපතට පත් ප්‍රදේශ වල ජනතාව කොටු වූ ගම්මාන වලින් බේරා ගෙන ආරක්ෂිත ප්‍රදේශ කරා රැගෙන ඒමට නාවික හමුදාව යුද හමුදාව පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය පියවර ගෙන ඇති අතර වෙනත් දිනවල වාහන ගමන් කළ මහා මාර්ග හා අතුරු මාර්ග වල මේ දිනවල බෝට්ටු ගමන් කිරීමට පටන් ගෙන තිබේ. 

බෝට්ටු වලින් යාමට ඉතා අපහසු  පළාවල ජනතාව රැගෙන ඒම පිණිස ඔරුද භාවිත කොට තිබේ. 

ගම්මාන වල වැසියන්ට අයත් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට හැකි එකම වාහනය ටැක්ටරය පමණක් නිසා  ටැක්ටර් හිමියන්ගෙන් ලබා ගත් ටැක්ටර් වලින් ගංවතුර සරණාගතයින්ගේ භාණ්ඩ ප්‍රහා ඔවුන්වද ප්‍රවාහනය කිරීමට පටන් ගෙන තිබේ.

යාපනය මුලතිව් ප්‍රදේශවල බොහෝ නිවාස වහලය මට්ටම දක්වා ජලයෙන් යට වී ඇත. 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගංවතුර බලන්නට පැමිණි අයෙක්  වැවේ වානෙන් වැටි අතුරුදහන්… 

Next Post

වහාම ඉවත් වන්න… නුවරට මාතලේට නායේ යෑම් අධි අවදානම් රතු නිවේදන…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.