සීඝ්‍රයෙන් කොවිඩ් ව්‍යාප්ත වෙමින් අති ප්‍රදේශවල මුහුණු ආවරණ නොපැළඳ සිටි පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමේ මහෙයුමක් දියත් කළ බවත් එසේ අත්අඩංගුවට පත් පුද්ගලයන් 550ක් රැපික් ඇන්ටිජන්ට් පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු ඔවුන්ගෙන් 14 දෙනෙක් කොවිඩ් ආසාදිත පුද්ගලයන් බව තහවුරු වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පැවසුවේය.
මෙසේ අත් අඩංගුවට පත් පුද්ගලයන් මුළු ගණන 160ක් වූ අතර ඉන් 550ක් රැපික් ඇන්ටින්ට් පරීක්ෂණයටත් තවත් 510ක් පීසීආර් පරීක්ෂණයටත් යොමු කර තිබිණි.
පී.සී.අර් පරික්ෂණයේ ප්‍රතිඵල නිකුත් වීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
මීගමුව, කොච්චිකඩේ, දිවුලපිටිය, කොටදෙණියාව, ගණේමුල්ල, මීරිගම, වේයන්ගොඩ, කිරිබත්ගොඩ, පෑලියගොඩ, වත්තල, බියගම, සපුගස්කන්ද, කැලණිය, මීගහවත්ත, වැල්ලම්පිටිය, හංවැල්ල, නවගමුව, ගොතටුව, පිලියන්දල, මත්තෙගොඩ, කළුතර, අලුත්ගම, බණ්ඩාරගම, මතුගම, පානදුර ප්‍රදේශ ආශ්‍රිතව මේ මෙහෙයුම ක්‍රියාත්මක කර තිබිණි.