දිනසේන රතුගමගේ –
කකුලට වෙඩි වැදුණු තුවාලයක් සහිත වන අලියෙකු මුලතිව් මාන්කුලම කෝණකුලම වැවේ මඩ ගොහොරුවක වැටී නිරාහාරව සිටින බව ගම්වාසීන් පිරිසක් 17 දා වන ජීවී නිලධාරින් වෙත දැනුම් දී තිබේ.
නමුත් වන ජීවී නිලධාරීන් එදින හවස් වන තුරුත් අදාල ස්ථානයට නොපැමිණි බව කියන කෝණකුලම ගම්මානයේ වැසියෝ මෙම වන අලියාට වෙඩි වැදී ඇත්තේ මීට සතියකට පමණ ඉහතදී පමණ විය හකි යැයිද කියා සිටියහ.
තුවාලයේ වේදනාව නිසා පීඩාවට පත්ව සිටින වන අලියාට ආහාර ලබා දීමට ගම්වැසියෝ බියක් දක්වති.







